ටෝනි ස්ටාර්ක්ගේ අභාවයෙන් පස්සේ මාර්වල් ලෝකයේ අයන් මෑන්ගේ තැන ගන්නේ කවුද කියන එක ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම ජස්ටින් හැමර් වගේ අය කොච්චර උත්සාහ කළත් ටෝනිගේ තාක්ෂණය අනුකරණය කරන්න කාටවත් බැරි වුණා. ඒත් දැන් මාර්වල් මංගාවර්ස් (Mangaverse) හරහා රිරි විලියම්ස් හෙවත් අයන්හාර්ට්, අයන් මෑන්ගේ සැබෑ උරුමක්කාරිය විදිහට කරළියට ඇවිත් ඉන්නවා. මේ අලුත් කතාවේදී ටෝනි ස්ටාර්ක් ඇතුළු පරණ වීරයෝ ගොඩක් දෙනෙක් නැති වෙලා නිසා, රිරි තමන්ගේම කියලා ගමනක් යනවා.
මේ අලුත් ලෝකයේ තාක්ෂණය වැඩ කරන්නේ නැති නිසා රිරි තමන්ගේ අයන්හාර්ට් සන්නාහය ක්‍රියාත්මක කරන්න මැජික් හෙවත් ‘මානා’ (Mana) ශක්තිය පාවිච්චි කරනවා. මේක ඇත්තටම තාක්ෂණය සහ මැජික් එකතු වුණු අලුත්ම විදිහක්. කිසිම මගපෙන්වීමක් නැතුව තනියම සටන් කරන රිරි, මේ පශ්චාත්-අපෝකැලිප්ටික් ලෝකයේ යෝකයි ආත්මයන් එක්ක සටන් කරමින් තමන්ගේ වීරත්වය ඔප්පු කරනවා. මයිල්ස් මොරාලෙස් සහ ලෝරා කින්නි වගේ තරුණ වීරයෝ එක්ක එකතු වෙලා රිරි කරන මේ සටන, අයන්හාර්ට් කියන්නේ කවුද කියලා මුළු ලෝකයටම පෙන්නලා දෙනවා. ටෝනි ස්ටාර්ක්ගේ සෙවණැල්ලෙන් මිදිලා, රිරි විලියම්ස් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නා ආකාරය මේ කතාවෙන් අපිට ලස්සනට බලාගන්න පුළුවන්.

Discussion & Feedback