ලොව පුරා ජනප්රිය ‘The Marvelous Mrs. Maisel’ ඇතුළු ටෙලි නාට්ය සහ චිත්රපට රැසක කට්ටල නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කළ 34 හැවිරිදි මේරි කේට් ගෝල්ඩින් පසුගියදා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා. නිව්යෝර්ක් නුවර ක්වීන්ස් හි පිහිටි ඇයගේ නිවසේදී ඇයව පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම සිදුවීම සිදුවී සුළු වේලාවකට පසු ඇයගේ සැමියා වන 33 හැවිරිදි ජෝසප් අසරෙටෝ අසල පිහිටි උද්යානයකදී මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.
මෙම ඛේදවාචකය සිදුවන අවස්ථාවේදී ඔවුන්ගේ මාස 11ක් වයසැති කුඩා දරුවාද නිවසේ සිට ඇති අතර, වාසනාවකට මෙන් දරුවාට කිසිදු හානියක් සිදුවී නැහැ. මේරි කේට් ගෝල්ඩින් යනු හොලිවුඩ් ක්ෂේත්රයේ දක්ෂ නිර්මාණ ශිල්පිනියක්. ඇය ‘Goosebumps’ සහ ‘Gone Girls’ වැනි නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා. සැමියාගේ පවුලේ පසුබිම පිළිබඳවද මීට පෙර විවිධ වාර්තා පළවී තිබූ අතර, මෙම සිදුවීම මුළු හොලිවුඩ් ක්ෂේත්රයම කම්පනයට පත් කිරීමට සමත් වුණා. මේ වන විට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

Discussion & Feedback