කැප්ටන් ඇමරිකාගේ අයිකෝනික් පලිහ ගැන අපි හැමෝම දන්නවානේ. ඉතිහාසයේ කොච්චර වතාවක් මේ පලිහ කැඩිලා, විනාශ වෙලා ගියාද? තැනෝස්ගේ ඉඳන් තෝර් දක්වා ගොඩක් අය මේ පලිහ කෑලිවලට කඩලා තියෙනවා. හැබැයි මේ පාර ස්ටීව් රොජර්ස් අලුත්ම විදිහකට තමයි කරළියට එන්නේ. රෙඩ් හල්ක් එක්ක කරපු සටනකින් පස්සේ මරණය අභියසටම ගිය ස්ටීව්, නිරයට ගිහින් මෙෆිස්ටෝ එක්ක සටන් කරන්න අලුත්ම ආයුධයක් හොයාගන්නවා. ඒ තමයි ‘ඇන්ටිඩිවයින්’ (Antidivine) කියන විශ්වීය බලය. මේක දේවදූතයන්ව පවා විනාශ කරන්න පුළුවන් තරම් බලගතු දෙයක්.
මේ ඇන්ටිඩිවයින් බලය පාවිච්චි කරලා ස්ටීව් තමන්ගේ පලිහ අලුතින්ම නිර්මාණය කරගන්නවා. මේක සාමාන්‍ය පලිහක් නෙවෙයි, තෝර්ගේ ම්යොල්නියර් වගේ ඕනෑම දිශාවකට හරවන්න පුළුවන් වගේම සතුරන්ව එකපාර විනාශ කරන්න පුළුවන් මාරාන්තික ආයුධයක්. රෙඩ් ස්කල්ගේ යක්ෂ හමුදාව පවා මේ පලිහ ගැටෙනකොටම පුපුරලා යනවා. විශේෂම දේ තමයි ස්ටීව් රොජර්ස් කිසිම උසස් තාක්ෂණයක් නැතුව තමන්ගේ හිතේ තියෙන ශක්තියෙන් මේ වගේ දේවල් කරගන්න එක. ටෝනි ස්ටාර්ක් වගේ අය තාක්ෂණය පස්සේ දුවද්දී, ස්ටීව් තමන්ගේ මනුස්සකම සහ ධෛර්යය විතරක් පාවිච්චි කරලා මේ වගේ පුදුම හිතෙන දේවල් කරනවා.
මේ අලුත් පලිහ ස්ටීව්ගේ ආත්මයේ තියෙන පිරිසිදුකම නිසාම ලැබුණු එකක් කියලා තමයි කියවෙන්නේ. නිරයේ ඉන්න අසරණ ආත්මයන්ට පවා බලාපොරොත්තුවක් දෙන්න ස්ටීව්ට පුළුවන් වෙලා තියෙනවා. කොහොම වුණත්, මේක ස්ටීව්ගේ ස්ථිර ආයුධයක් වෙන්නේ නැහැ කියලයි ආරංචි වෙන්නේ. මොකද මේ වගේ දිව්‍යමය බලයක් දිගටම පාවිච්චි කරන්න ස්ටීව් කැමති නැති හින්දා. හැබැයි මේ සටනින් පස්සේ කැප්ටන් ඇමරිකාගේ ඉතිහාසයට තවත් එක ලොකු පරිච්ඡේදයක් එකතු වෙනවා කියන එක නම් සහතිකයි.

Discussion & Feedback