ස්පයිඩර්-මෑන් රසිකයන්ව මවිතයට පත් කරමින්, මාර්වල් සමාගම විසින් ඔවුන්ගේ 1000 වැනි කලාපය වන ‘ද ඇමේසිං ස්පයිඩර්-මෑන් #36’ හරහා පීටර් පාකර්ගේ ජීවිතය සදහටම වෙනස් කරන ආකාරයේ කම්පන සහගත සිදුවීමක් සිදුවන බවට ඉඟි පළ කර තිබෙනවා. මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති පිටු කිහිපයකින් පෙනී යන්නේ පීටර් ඉතාමත් කලබලයෙන් රෝහලක් වෙත දිව යන ආකාරයයි. බොහෝ දෙනා අනුමාන කරන්නේ පීටර්ගේ ජීවිතයේ වැදගත්ම චරිතයක් වන ඇන්ටි මේ (Aunt May) මෙවර කලාපයේදී මිය යාමට ඉඩ ඇති බවයි. විශේෂයෙන්ම පීටර්ගේ මතකයන් සහ ඇන්ටි මේ සම්බන්ධ ෆ්ලෑෂ්බැක් දර්ශන මගින් ඇයගේ සමුගැනීමක් පිළිබඳ ඉඟි ලබා දෙනවා.
මෙම කලාපය ස්පයිඩර්-මෑන් ඉතිහාසයේ සුවිශේෂීම අවස්ථාවක් ලෙස සැලකෙන අතර, මෙහිදී ‘රැවේජ්’ (Ravage) නම් නවතම දුෂ්ඨයාගේ පැමිණීමත් සමඟ කතාවේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බවටයි වාර්තා වෙන්නේ. සමහර විට ඇන්ටි මේ හට පීටර්ගේ රහස දැනගැනීමට ලැබීම නිසා ඇතිවන කම්පනයෙන් ඇය රෝහල්ගත වීමට හෝ ඇයගේ ජීවිතය අවසන් වීමට ඉඩ ඇති බවට රසිකයන් අතර විශාල කතාබහක් ඇතිව තිබෙනවා. ග්වෙන් ස්ටේසිගේ මරණයටත් වඩා පීටර්ව කම්පනයට පත් කරන සිදුවීමක් ලෙස මෙය හඳුන්වා දී තිබීම නිසා, මෙම කලාපය ස්පයිඩර්-මෑන් රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback