මාර්වල් සිනමා විශ්වයේ හල්ක් චරිතය ගැන කතා කරද්දී බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ එඩ්වඩ් නෝර්ටන් රඟපෑ 2008 වසරේ ආපු ‘ද ඉන්ක්රෙඩිබල් හල්ක්’ චිත්රපටයයි. ඉන්පසුව මාර්ක් රෆලෝ හල්ක් ලෙසින් පැමිණියත්, නීතිමය ගැටලු නිසා ඔහුට තනි චිත්රපටයක් ලැබුණේ නැහැ. හැබැයි දැන් රසිකයන් පුදුමයට පත් කරමින් මාර්වල් ස්ටුඩියෝස් විසින් 2009 වසරේ ආපු ‘හල්ක් වර්සස් වුල්වරින්’ ඇනිමේෂන් චිත්රපටයේ තිබුණු සිදුවීම් මාලාවක් ‘එක්ස්-මෙන් 97’ නවතම කථාංගය හරහා ඉතා සියුම් ලෙස නැවත නිර්මාණය කර තිබෙනවා. මේ කථාංගයේදී වුල්වරින් සහ ඔහුගේ කණ්ඩායම වෙපන් එක්ස් මධ්යස්ථානයට යන ආකාරය හරියටම පැරණි හල්ක් චිත්රපටයේ දර්ශන සිහිගන්වනවා.
මේ අතර හල්ක්ගේ රසිකයන්ට තවත් සතුටුදායක ආරංචියක් ලැබී තිබෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ස්පයිඩර්-මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටයෙන් මාර්ක් රෆලෝ නැවතත් හල්ක් ලෙසින් අප අතරට එනවා. විශේෂම දේ තමයි, පසුගිය කාලයේ බොහෝ දෙනා විවේචනය කළ ‘ස්මාර්ට් හල්ක්’ වෙනුවට, අපේ පැරණි ප්රියතම ‘සැවේජ් හල්ක්’ චරිතය මෙවර දැකගන්න ලැබීමයි. ස්පයිඩර්-මෑන් සහ හල්ක් අතර සිදුවන ගැටුම ඇතුළු තවත් බොහෝ දේ මේ චිත්රපටයේ අන්තර්ගත වෙනවා. ඉතින් 2026 ජූලි මාසය හල්ක්ගේ රසිකයන්ට නම් ඇත්තටම විශේෂ මාසයක් වේවි.

Discussion & Feedback