මාර්වල් චිත්රපට විශ්වය තුළ පසුගිය කාලයේ විශාල වෙනස්කම් රැසක් සිද්ධ වුණා. විශේෂයෙන්ම ජොනතන් මේජර්ස්ව මාර්වල් ආයතනයෙන් ඉවත් කිරීමත් එක්ක ‘කෑන්ග් ද කොන්කරර්’ චරිතයට මොකද වෙන්නේ කියන එක ගැන ලොකු කතාබහක් ඇති වුණා. රොබට් ඩවුනි ජූනියර් නැවතත් මාර්වල් වෙත පැමිණෙන්නේ ‘ඩොක්ටර් ඩූම්’ ලෙසින් නිසා, කෑන්ග් චරිතය සම්පූර්ණයෙන්ම අමතක කරාවිද කියන සැකය රසිකයන් අතර තිබුණා. හැබැයි, හිතාගන්න බැරි විදිහට ‘X-Men ’97’ දෙවන සීසන් එක හරහා කෑන්ග්ගේ තවත් ප්රභේදයක් වන ‘රාමා-ටුට්’ චරිතය නැවතත් දකින්න ලැබුණා.
මේ ගැන අදහස් දක්වපු ‘X-Men ’97’ හි අධ්යක්ෂ ජේක් කැස්ට්රෝනා කිව්වේ, මේ චරිතය මුල ඉඳලම ඔවුන්ගේ පිටපතේ තිබුණු එකක් බවයි. ජොනතන් මේජර්ස්ව ඉවත් කිරීමෙන් පස්සේ මේ චරිතය ඇතුළත් කළාද නැද්ද කියන එක ගැන ස්ථිර දෙයක් කියන්න බැරි වුණත්, මාර්වල් ආයතන අතර යම් සම්බන්ධීකරණයක් තියෙන බව ඔහු පිළිගන්නවා. ජෝන් ඩි ලැන්සි විසින් හඬ කවනු ලබන මේ රාමා-ටුට් චරිතය, මේජර්ස් ඉවත් කිරීමෙන් පසු කෑන්ග්ගේ භූමිකාව රඟපෑ පළමු නළුවා බවට පත් වුණා.
අනාගතයේ එන ‘Avengers: Doomsday’ චිත්රපටයේදී කෑන්ග් ගැන සඳහනක්වත් ලැබේවිද කියන එක තවම ප්රශ්නයක්. කොහොම වුණත්, ‘X-Men ’97’ කියන්නේ තමන්ගේම වෙනම විශ්වයක් නිසා, එහිදී අපිට තවමත් මාර්වල් වීරයන්ගේ සහ දුෂ්ඨයන්ගේ වෙනස්ම පැතිකඩවල් දකින්න පුළුවන්. අගෝස්තු 12 වෙනිදා නිකුත් වෙන්න නියමිත මේ කතා මාලාවේ අවසාන කොටසින් පස්සේ, 2027 වසරේදී තුන්වන සීසන් එක හරහා තවත් රසවත් දේවල් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback