මාර්වල් රසිකයන් ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටපු X-Men කණ්ඩායම ගැන අලුත්ම තොරතුරු ටික දැන් එළියට ඇවිත් තියෙනවා. ඩිස්නි සමාගම විසින් ෆොක්ස් ආයතනය මිලදී ගත්තට පස්සේ, මේ මියුටන්ට්ස්ලා මාර්වල් සිනමා ලෝකයට (MCU) එන දවස ගැන හැමෝම හිටියේ ලොකු බලාපොරොත්තුවකින්. දැන් ඒ බලාපොරොත්තුව සැබෑ වෙමින්, 2028 මැයි 05 වෙනිදා තිරගත වෙන්න නියමිත අලුත්ම X-Men චිත්රපටයේ ප්රධාන චරිත ටික නිල වශයෙන් ප්රකාශයට පත් කරලා තියෙනවා. මේ අතර සේඩි සින්ක් ජීන් ග්රේ විදිහටත්, කිට් කොනර් සයික්ලොප්ස් විදිහටත් රංගනයෙන් දායක වෙනවා.
මේ අතරින් විශේෂම කාරණාව තමයි ඇඩම් ඩ්රයිවර් ‘මිස්ටර් සිනිස්ටර්’ විදිහට මේ චිත්රපටයට එකතු වීම. ඇත්තටම මේක ඔහුට ලැබුණු ලොකු අවස්ථාවක්. මොකද මීට කලින් ස්ටාර් වෝර්ස් චිත්රපට මාලාවේ කයිලෝ රෙන්ගේ චරිතය හරහා ඔහු ලොකු ජනප්රියත්වයක් ලැබුවත්, ඒ චරිතයේ ඉතිරි කොටස රඟපාන්න ඔහුට තිබුණු අවස්ථාව ඩිස්නි ආයතනය විසින් ප්රතික්ෂේප කරලා තිබුණා. ඒ අසාධාරණයට හොඳම පිළිතුර විදිහට තමයි දැන් ඔහු මේ අලුත් විලන් චරිතය හරහා මාර්වල් ලෝකයට එන්නේ. මිස්ටර් සිනිස්ටර් කියන්නේ මීට කලින් කිසිම සජීවී චිත්රපටයක දකින්න ලැබුණේ නැති චරිතයක් නිසා, ඇඩම්ගේ රංගනයෙන් මේ චරිතය කොයි වගේ වෙයිද කියලා බලන්න රසිකයන් ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.
මේ චිත්රපටයේ සෙසු චරිත විදිහට සමාරා වීවිං එමා ෆ්රොස්ට් ලෙසත්, ඉන්ඩේ නවරෙට් රෝග් ලෙසත්, මායා බෝයිඩ් ස්ටෝම් ලෙසත්, ක්රිස්ටෝපර් ඇබට් චාල්ස් සේවියර් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මේ තරුණ සහ දක්ෂ නළු නිළියන් පිරිස එක්ක X-Men කණ්ඩායම මාර්වල් සිනමා ලෝකයේ අලුත් පරිච්ඡේදයක් ලියයි කියලා තමයි හැමෝම විශ්වාස කරන්නේ.

Discussion & Feedback