අයන් මෑන් රසිකයන්ට අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. මාර්වල් ආයතනය විසින් අයන් මෑන්ගේ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් විදිහට එකිනෙකට සමාන්තරව දිවෙන කතා මාලා දෙකක් හඳුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. රොබට් ඩව්නි ජූනියර්ගේ රංගනයෙන් පස්සේ අයන් මෑන් චරිතය ලෝකය පුරාම ගොඩක් ජනප්රිය වුණා. දැන් කොමික් පොත්වල ඉන්න ටෝනි ස්ටාර්ක් අලුත්ම අභියෝග රැසකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම 12 වැනි සහ 13 වැනි කලාපවලින් පටන් ගන්නා ‘The Incarcerated Iron Man’ සහ ‘Iron Man: War Machines’ කියන කතා මාලා දෙක රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි.
මේ කතාවේදී ටෝනි ස්ටාර්ක්ව වැරදි චෝදනාවක් මත බන්ධනාගාරගත කෙරෙනවා. එයා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න මොන වගේ අරගලයක් කරයිද කියන එක තමයි මේ කතාවේ ප්රධාන තැනක් ගන්නේ. ඒ අතරතුර ජේම්ස් රෝඩ්ස් හෙවත් වෝ මැෂින්, මෙලිනා මේ සහ තවත් අභිරහස් චරිතයක් එකතු වෙලා අයන් මෑන් නැති අඩුව පුරවන්න උත්සාහ කරනවා. ටෝනි ස්ටාර්ක්ගේ අතීත සතුරන් සහ අලුත් අභියෝග මැද මේ කතාව ගොඩක් කුතුහලයෙන් පිරුණු එකක් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අලුත්ම කලාප දෙසැම්බර් 2 සහ 16 යන දිනවලදී රසිකයන්ට කියවන්න පුළුවන් වෙනවා.

Discussion & Feedback