මාර්වල් ලෝකයේ අප කා අතරත් ජනප්‍රිය සුපිරි වීරයෙක් වන ස්ටීව් රොජර්ස් හෙවත් කැප්ටන් ඇමරිකාගේ අලුත්ම පෙනුම ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින රතු, නිල් සහ සුදු පාටින් යුත් වටකුරු පලිහ වෙනුවට, ස්ටීව් රොජර්ස් මෙවර රිදී පැහැති අලුත්ම පලිහක් අතින් අරගෙන තමයි කරළියට එන්නේ. මේ වෙනස සිද්ධ වෙන්නේ මාර්වල් සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන ‘Realmguard’ නම් ඩිජිටල් කොමික් මාලාව හරහායි. මේ කතාවේදී ස්ටීව් රොජර්ස් සුපිරි සොල්දාදුවෙක් විදිහට නෙවෙයි, ‘ප්‍රින්ස් රොජර්ස්’ හෙවත් කුමාරයෙක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ.
මේ අලුත් කතාව ගෙතිලා තියෙන්නේ ‘කිරෝනියා’ කියන මනඃකල්පිත ලෝකය වටායි. මෙහිදී ස්ටීව් රොජර්ස්ගේ ඇඳුම පවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඔහු රතු පැහැති සළුවක් සහ දුඹුරු පැහැති සම් ආවරණයක් පැළඳ සිටින අතර, ඔහුගේ පලිහේ මැද තවමත් එම සුප්‍රසිද්ධ තාරකාව දකින්න පුළුවන්. පීටර් පාකර් සහ මේරි ජේන් වොට්සන් වැනි චරිතත් මේ කතාවේ ප්‍රධාන තැනක් ගන්නවා. මේ කතාවේදී අයන් මෑන්, බ්ලැක් පැන්තර් සහ හෝක්අයි වැනි අනෙකුත් මාර්වල් වීරයන්ද අපූරු වෙනස්කම් සහිතව දකින්න ලැබෙන බවයි නිර්මාණකරුවන් පවසන්නේ. මේ අලුත් නිර්මාණය මාර්වල් රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback