මාර්වල් සිනමා ලෝකය (MCU) මේ දවස්වල ලොකු වෙනස්කම් කිහිපයකට සූදානම් වෙනවා. ඒ අනුව, ඉදිරියේදී එන්න තියෙන ‘VisionQuest’ කතා මාලාවේදී ප්රධාන චරිත දෙකක් අලුත් නළු නිළියන් විසින් නිරූපණය කරන බව නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. මෙතෙක් කල් හඬ කැවීම්වලින් පමණක් අපිට අහන්න ලැබුණු F.R.I.D.A.Y. චරිතයට ඕර්ලා බ්රැඩිත්, E.D.I.T.H. චරිතයට එමලි හැම්ප්ෂයර්ත් රංගනයෙන් දායක වෙනවා. මේ කතා මාලාවේදී මාර්වල් ලෝකයේ හිටපු කෘත්රිම බුද්ධි (AI) චරිත මිනිස් ස්වරූපයෙන් අපිට දකින්න ලැබීම විශේෂත්වයක්.
මේ කතාව ගෙතෙන්නේ වන්ඩා විෂන් සිදුවීම්වලින් පස්සේ විෂන් තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගන්න උත්සාහ කරන ආකාරය වටායි. මෙහිදී ජේම්ස් ස්පේඩර් නැවතත් අල්ට්රෝන් ලෙස රංගනයට එක්වීම රසිකයන්ට ලොකු කුතුහලයක් ගෙන දෙනවා. කතාවේ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ විෂන්ගේ මනස ඇතුළේ නිසා, අතීතයේ හිටපු AI චරිත මිනිස් ස්වරූපයෙන් මෙතැනට එකතු වෙනවා. ටෙරී මටලස්ගේ අධ්යක්ෂණයෙන් එන මේ කතා මාලාව කොටස් අටකින් සමන්විතයි.
මේ කතා මාලාව ඔක්තෝබර් 14 වෙනිදා Disney+ හරහා විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම විෂන් චරිතය නිරූපණය කරන පෝල් බෙටනි, ඉදිරියේදී එන ‘Avengers’ චිත්රපටවලත් දකින්න ලැබෙන්න ඉඩ තියෙනවා කියලා ඔහු ඉඟි කරලා තියෙනවා. ඉතින් මාර්වල් රසිකයන්ට මේක ඇත්තටම ලොකු අත්දැකීමක් වේවි.

Discussion & Feedback