මිනිසුන්ව අඟහරු ග්රහයා වෙත යැවීමට නාසා ආයතනය සැලසුම් කරමින් සිටියත්, එහි පවතින විෂ සහිත දූවිලි පිළිබඳව විද්යාඥයන් විශාල අවධානයක් යොමු කර තිබෙනවා. අඟහරු මත ඇති දූවිලිවල අඩංගු රසායනික ද්රව්ය සහ බැර ලෝහ මිනිස් සෞඛ්යයට ඉතා අහිතකර බවයි මෑතකදී සිදුකළ පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ. විශේෂයෙන්ම සඳ මත තිබූ දූවිලිවලට වඩා අඟහරුගේ දූවිලි වෙනස් වන්නේ එහි අඩංගු පර්ක්ලෝරේට් වැනි විෂ රසායනිකයන් නිසයි. මේ නිසා අනාගතයේදී අඟහරු මතට යන ගගනගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් මේ වන විටත් අධ්යයනයක නිරත වෙනවා.
මෙම දූවිලි අංශු ගගනගාමීන්ගේ ඇඳුම්වලට හානි කිරීම පමණක් නොව, ඔවුන්ගේ පෙනහළුවලට සහ ඇස්වලටත් බරපතළ හානි සිදුකළ හැකියි. විශේෂයෙන්ම අඟහරු මත ගොවිතැන් කිරීමට සැලසුම් කර තිබුණත්, පසෙහි ඇති විෂ රසායනිකයන් නිසා ආහාර හරහා පවා මෙම දූවිලි ශරීරගත වීමේ අවදානමක් පවතිනවා. කොලරාඩෝ විශ්වවිද්යාලයේ මහාචාර්ය බ්රයන් හයිනෙක් පවසන පරිදි, සඳ මත අත්දැකීම් අපට යම් මඟ පෙන්වීමක් ලබා දුන්නත්, අඟහරු යනු සම්පූර්ණයෙන්ම වෙනස් අභියෝගාත්මක පරිසරයක්. එනිසා ගගනගාමීන්ගේ සෞඛ්යය ආරක්ෂා කර ගැනීමට නම්, මෙම දූවිලිවලින් ආරක්ෂා වීමට නවීන තාක්ෂණික ක්රමවේද සහ විශේෂිත ආරක්ෂිත ඇඳුම් පැළඳුම් අනිවාර්යයෙන්ම අවශ්ය වෙනවා.

Discussion & Feedback