මිනිසුන් අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්සවීමේ නාසා ආයතනයේ සිහිනය සැබෑ කරගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ අතරින් ප්‍රධානම අභියෝගයක් වෙලා තියෙන්නේ අඟහරු මත පවතින විෂ සහිත දූවිලිවලින් අභ්යවකාශගාමීන්ව ආරක්ෂා කරගන්නා ආකාරයයි. මේ ගැන අධ්‍යයනය කරන්න නාසා ආයතනය විශේෂ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඔවුන් පවසන විදිහට අඟහරු දූවිලිවල අඩංගු රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. සඳ මත තිබෙන දූවිලිවලට වඩා අඟහරු දූවිලි වෙනස් වන්නේ එහි ඇති රසායනික සංයුතිය නිසයි. විශේෂයෙන්ම එහි ඇති පර්ක්ලෝරේට් වැනි ද්‍රව්‍ය අභ්‍යවකාශගාමීන්ගේ පෙනහළුවලට සහ ඇස්වලට විශාල හානියක් කරන්න පුළුවන්.
කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් හයිනෙක් පවසන විදිහට, අඟහරු මත ගොවිතැන් කිරීමට සැලසුම් කර තිබුණත්, පසෙහි ඇති මේ විෂ රසායනික නිසා අභ්‍යවකාශගාමීන්ට ආහාර හරහා පවා අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. අභ්‍යවකාශගාමීන්ගේ ඇඳුම්වලට සහ උපකරණවලට මේ දූවිලි ඇලී පැමිණීමෙන් වාසස්ථාන තුළට පවා විෂ ද්‍රව්‍ය ඇතුළු විය හැකියි. ඒ නිසා මේ දූවිලිවලින් ආරක්ෂා වීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සහ සීමාවන් ගැන නාසා ආයතනය මේ වන විටත් දැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා. අනාගත අඟහරු ගවේෂණ සාර්ථක කරගන්න නම් මේ දූවිලි අභියෝගය ජය ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්.

Discussion & Feedback