ශ්‍රී ලංකාවේ නිශ්චල දේපල ක්ෂේත්රයේ දැවැන්තයා වන හෝම් ලෑන්ඩ්ස් සමූහය මේ වන විට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් නිවාස ඒකක 5,000කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඉතිහාසයක් නිර්මාණය කර තිබෙනවා. වසර 23කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින්, මෙරට මෙන්ම විදේශීය පාරිභෝගිකයන් අතරත් ඉහළ පිළිගැනීමක් ඇති මෙම ආයතනය, දැනටමත් නිවාස ඒකක 3,750කට වැඩි ප්‍රමාණයක් තම හිමිකරුවන් වෙත සාර්ථකව භාර දී අවසන්. මේ වසර තුළ තවත් නිවාස ඒකක 400ක් භාර දීමට නියමිතව තිබීම ඔවුන්ගේ ව්‍යාපෘති කාලයටම නිම කිරීමේ හැකියාව මනාව පෙන්වා දෙනවා.
මෙම සුවිශේෂී ජයග්‍රහණය සැමරීම සඳහා හෝම් ලෑන්ඩ්ස් ආයතනය විසින් කොළඹදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී ආයතනයේ පළමු පාරිභෝගිකයා මෙන්ම 5,000 වැනි පාරිභෝගිකයා ද සහභාගී වීම විශේෂත්වයක්. හෝම් ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා පවසන්නේ, වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ මූල්‍ය විනය, නවෝත්පාදනය සහ පාරිභෝගික විශ්වාසය නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වූ බවයි. දැනට ව්‍යාපෘති 24ක් හරහා සිය මෙහෙයුම් සිදුකරන හෝම් ලෑන්ඩ්ස්, ඉදිරියේදීත් නවීන තාක්ෂණය සහ උසස් ප්රමිතීන් සමඟින් ශ්‍රී ලංකාවේ නිවාස සංකල්පය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බව පවසනවා.

Discussion & Feedback