NFL හිටපු සුප්රසිද්ධ ක්රීඩක සහ Fox Sports විස්තර විචාරක මාර්ක් සැන්චෙස්, පසුගිය වසරේ ඉන්දියානාපොලිස් නුවරදී ට්රක් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරදකරු බව අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 69 හැවිරිදි පීටර් ටෝල් නම් රියදුරු සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ප්රචණ්ඩකාරී සිද්ධිය සිදුවූ අතර, එහිදී සැන්චෙස් බීමතින් සිටි බවත් වාර්තා වුණා. මේ හේතුවෙන් ඔහුට එරෙහිව බරපතල ශාරීරික හානි සිදු කිරීමේ චෝදනා ඇතුළු නඩු කිහිපයක්ම ගොනු කර තිබුණා.
කෙසේ වෙතත්, නඩු විභාගය ආරම්භ වීමට දින කිහිපයකට පෙර සැන්චෙස්ගේ නීතිඥ කණ්ඩායම සහ පැමිණිලිකාර පාර්ශ්වය එකඟතාවයකට පැමිණීම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජූරි නඩු විභාගය අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම සිද්ධියෙන් පසු සැන්චෙස්ව Fox Sports ආයතනයෙන් ඉවත් කිරීමටද පියවර ගත් අතර, ඔහුට වසර හයක සිරදඬුවමක් ලැබීමේ අවදානමක්ද පැවතුණා. මේ වන විට දෙපාර්ශ්වයම සිවිල් නඩුවක් හරහා සුහද විසඳුමකට එළඹීමට උත්සාහ කරමින් සිටිනවා.
සිද්ධියට මුහුණ දුන් රියදුරු පීටර් ටෝල්ගේ නීතිඥවරයා පවසන්නේ, දෙපාර්ශ්වය අතර සිදුවන සාකච්ඡා ඉතා ධනාත්මක බවයි. සැන්චෙස්ගේ නීතිඥවරයාද පවසන්නේ මෙම නීතිමය ගැටලුව කඩිනමින් විසඳාගෙන ඉදිරියට යාමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, අධිකරණය විසින් මෙම එකඟතාවය නිල වශයෙන් අනුමත කළ යුතු අතර, සැන්චෙස්ගේ ඉදිරි දේශපාලන සහ වෘත්තීය ජීවිතයට මෙම සිදුවීම විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

Discussion & Feedback