1996 වසරේ තිරගත වුණු ජනප්රිය ‘මැටිල්ඩා’ චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ මාරා විල්සන් මෑතකදී ඒ ගැන අලුත්ම කතාවක් කියලා තියෙනවා. ටෙනිසී ප්රාන්තයේ පැවති උත්සවයකදී ඇය සඳහන් කළේ මැටිල්ඩා චිත්රපටයේ දෙවන කොටසක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන බවයි. හැබැයි ඇය ඒ ගැන පොඩි සැකයක් පවා මතු කරනවා. මැටිල්ඩාගේ දුව ගැන කතාවක් ගොඩනැගුවොත් ඒක කොහොම වෙයිද කියලා ඇය ප්රශ්න කරනවා. ඇය කියන විදිහට මැටිල්ඩාගේ විශේෂ බලයන් ලැබුණේ ඇය විඳපු දුක් කරදර නිසා. ඉතින් තමන්ගේ දරුවාටත් ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙන විදිහට මැටිල්ඩා කවදාවත් දරුවෙක් හදන්නේ නැහැ කියලයි මාරා විශ්වාස කරන්නේ.
ඒ වගේම මාරා තමන්ගේ අතීතය ගැනත් සිහිපත් කළා. පොඩි කාලේ මිනිස්සු ඇයට ‘මැටිල්ඩා’ කියලා කතා කරනකොට ඇයට පොඩි තරහක් ආවා. ඇයට හිතුණේ තමන්ගේ හරි නම මාරා කියලා, ඒත් මැටිල්ඩා කියන්නේ තමන්ට වඩා දක්ෂ, හරිම දියුණු චරිතයක් නිසා ඇය ඒකට කැමති වුණේ නැහැ. හැබැයි කාලයත් එක්ක ඇයට තේරුණා තමන් මැටිල්ඩා වගේම පොත්පත්වලට ආදරය කරන, මානසික සෞඛ්ය ගැන හිතන කෙනෙක් බවට පත් වෙලා කියලා. අද වෙනකොට ඇය මැටිල්ඩා චරිතයත් එක්ක එකතු වෙලා ඉන්නවා වගේ හැඟීමක් ඇයට දැනෙනවා. ඉතින් රසිකයන් බලාපොරොත්තු වුණා වගේම ඩැනී ඩිවිටෝ සහ මාරා විල්සන් එකතු වෙලා අලුත් මැටිල්ඩා චිත්රපටයක් ගෙනාවොත් ඒක නම් හරිම අපූරු දෙයක් වේවි.

Discussion & Feedback