යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් එරට ජනප්‍රිය ආරක්ෂක ඇමති මයිකයිලෝ ෆෙඩොරොව්ව හදිසියේම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ යුක්රේන හමුදා සාමාජිකයන් අතර දැඩි නොසන්සුන්තාවයක් සහ කෝපයක් හටගෙන තියෙනවා. විශේෂයෙන්ම යුද බිමේ සටන් වදින සෙබළුන් පවසන්නේ ෆෙඩොරොව් යනු යුක්රේන හමුදාවට නවීන තාක්ෂණය සහ ඩ්‍රෝන යානා හඳුන්වා දෙමින් යුද්ධයේ ගමන් මග වෙනස් කළ දක්ෂ නායකයෙක් බවයි. තුවාල ලැබූ සෙබළෙකු පවසා තිබුණේ තමන් සටන් කළ අරමුණ වෙනුවෙන් ෆෙඩොරොව් නැවතත් අමාත්‍යාංශයට පැමිණිය යුතු බවයි. බොහෝ සෙබළුන් මෙම තීරණය හමුදාවට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සලකන අතර, පැරණි සෝවියට් ක්‍රමවේදයන් අනුගමනය කරන ඉහළ පෙළේ නිලධාරීන් නිසා මෙවැනි දක්ෂ නායකයන් ඉවත් කෙරෙන බවට ඔවුන් චෝදනා කරනවා.
මේ අතර, යුක්රේනයේ වීදි පුරා විරෝධතා පැවැත්වෙන නමුත්, පෙරමුණේ සටන් වදින සෙබළුන් පවසන්නේ තමන්ට දැනට පවතින රුසියානු ප්‍රහාර හමුවේ දේශපාලන තීරණ ගැන සිතීමටවත් කාලයක් නොමැති බවයි. හමුදා නායකත්වය තුළ පවතින අකාර්යක්ෂමතාව සහ පැරණි මතධාරී නිලධාරීන්ගේ බලපෑම නිසා තරුණ සහ නව්‍ය අදහස් ඇති නායකයන්ට වැඩ කිරීමට ඉඩක් නොලැබෙන බවට සෙබළුන් අතර මතයක් ගොඩනැගී තියෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම හදිසි කැබිනට් සංශෝධනය යුක්රේන දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම හමුදාව තුළත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback