ජපානයේ දකුණු දිග කුමමොටෝ ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුවෙලා තියෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් අර්ධ වශයෙන් කඩා වැටීම නිසා විශාල පිරිසක් එහි සුන්බුන් අතර සිරවී සිටින බවයි ජපාන රාජ්‍ය මාධ්‍ය වන NHK වාර්තා කරන්නේ. ඒ වගේම කඩදාසි කර්මාන්ත ශාලාවක සිටි පිරිසක් අතුරුදහන් වී ඇති අතර, ප්‍රධාන මාර්ගයක පාලමක් ද හානි වී තිබෙනවා. තවත් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ භූ කම්පනය නිසා රෝහලකට පමණක් තුවාල ලැබූ පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අධිවේගී දුම්රියක ගමන් කරමින් සිටි මගීන් කිහිප දෙනෙකුටත් තුවාල සිදුවී ඇති බවයි නිකෙයි පුවත්පත සඳහන් කරන්නේ. මේ වන විටත් සහන කටයුතු ක්‍රියාත්මක වුවත් තත්ත්වය තරමක් බරපතළ බව පෙනෙන්නට තියෙනවා.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඉදිරි සතියක කාලය තුළ තවත් ප්‍රබල පසු කම්පන ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ඒ නිසා භූ කම්පනයෙන් වැඩි බලපෑමක් එල්ල වූ ප්‍රදේශවල ජනතාව ඉතාම කල්පනාකාරීව සිටිය යුතුයි. විශේෂයෙන්ම නායයෑම් වැනි ස්වභාවික ආපදා ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා ඒ ගැනත් දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback