ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයට ආසන්න ආරාවු ප්රදේශයේ පැවති උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිද්ධියෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ. ආරාවු හි පිහිටි අශ්ව රේස් පිටියක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, එම අවස්ථාවේදී ප්රදේශයේ රාත්රී සාදයක් පැවැත්වෙමින් තිබී තියෙනවා. මේ වන විට ප්රදේශය වට කර ඇති පොලිසිය, වෙඩි තැබීම සිදුකළ සැකකරු සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානය අවට ප්රදේශය සහ පිහිනුම් තටාකය ඇතුළු ක්රීඩාංගණ කිහිපයක් පොලිසිය විසින් වසා දමා ඇති අතර, මහජනතාවට එම ප්රදේශවලට නොයන ලෙස උපදෙස් ලබා දී තියෙනවා. ආරක්ෂක අංශ විසින් ප්රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, සන්නද්ධ රථ සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සැකකරු සොයමින් පවතිනවා. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය ඇසින් දුටු අයෙක් සිටී නම් හෝ ඒ අසල වීඩියෝ දර්ශන හෝ ඡායාරූප තිබේ නම්, වහාම පොලිසියට ලබා දෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා. මේ වන විටත් ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback