ජෙරුසලමේ පැරණි නගරයේදී ප්‍රංශ ජාතික කන්‍යා සොහොයුරියකට පසුපසින් පැමිණ ඉතා දරුණු ලෙස පහර දුන් යෝනා ශ්‍රයිබර් නම් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තීන්දුවක් ලැබිලා තියෙනවා. සීසීටීවී කැමරාවල සටහන් වුණු මේ සිදුවීම ලෝකය පුරාම ලොකු කතාබහකට ලක් වුණා. කෙසේ වෙතත්, ජෙරුසලම් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරලා තියෙන්නේ මේ පුද්ගලයා පහර දෙන අවස්ථාවේදී මානසික රෝගී තත්ත්වයකින් පෙළී ඇති බවයි. ඒ නිසා ඔහුට අපරාධ වගකීමක් පැවරිය නොහැකි බව පවසමින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළා. ඒ වෙනුවට ඔහුව වසර හයක් දක්වා කාලයක් මානසික රෝහලක රඳවා ප්‍රතිකාර ලබා දීමටයි අධිකරණය තීරණය කරලා තියෙන්නේ.
මේ සිදුවීමෙන් පසු කන්‍යා සොහොයුරියගේ මුහුණට සහ කකුලට බරපතළ තුවාල සිදු වුණා. මේ පහරදීම ආගමික වෛරය මත සිදු වූවක් ලෙස මුලින් චෝදනා එල්ල වුණත්, වෛද්‍ය වාර්තා මගින් තහවුරු වුණේ ඔහු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. ජෙරුසලමේ ක්‍රිස්තියානි පූජකවරුන්ට සහ බැතිමතුන්ට එරෙහිව අන්තවාදීන් සිදු කරන හිරිහැර කිරීම් පසුගිය කාලයේ වැඩි වෙමින් පවතින බවටත් වාර්තා වෙනවා. ආගමික නිදහස සහ සහජීවනය ආරක්ෂා කිරීමට තමන් කැපවී සිටින බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසනවා වුණත්, මේ වගේ සිදුවීම් නිසා ජෙරුසලමේ පවතින ආගමික සාමය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback