සිංගප්පූරුවේ ජනප්‍රිය පන්ඩාන් ජලාශයේ කිඹුලෙක් සිටින බවට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීම සම්බන්ධයෙන් මියන්මාර ජාතිකයෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. යේ ලින් නම් මෙම පුද්ගලයා විසින් නිර්මාණය කළ මෙම ව්‍යාජ ඡායාරූපය නිසා ජලාශයේ ක්‍රියාකාරකම් දින දෙකක් පුරා අත්හිටුවීමට බලධාරීන්ට සිදු වුණා. ජලාශයේ කිඹුලෙකු සිටින බවට ලැබුණු තොරතුරු මත නිලධාරීන් විශාල මෙහෙයුමක් දියත් කළ අතර, පසුව එම ඡායාරූපය කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ එකක් බව හෙළි වුණා.
මෙම සිදුවීමෙන් පසු තමා කළ වරද වසන් කිරීමට උත්සාහ කරමින් අදාළ ඡායාරූපය සහ එය නිර්මාණය කිරීමට භාවිතා කළ ඇප් එක මකා දැමීම හේතුවෙන් ඔහුට අධිකරණයට බාධා කිරීමේ චෝදනාවද එල්ල වී තිබෙනවා. අධිකරණයේදී තමා වරද පිළිගන්නා බව ඔහු පවසා ඇති අතර, ව්‍යාජ පණිවිඩයක් යැවීම සහ අධිකරණයට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට වසර ගණනාවක සිරදඬුවම් සහ විශාල දඩ මුදලක් නියම වීමේ අවදානමක් පවතිනවා. නොවැම්බර් මාසයේදී මෙම නඩුව නැවත කැඳවීමට නියමිතයි.
මෙවැනි තාක්ෂණික දියුණුවක් වැරදි දේ සඳහා භාවිතා කිරීමෙන් මහජනතාව අනවශ්‍ය බියකට පත් වන බවත්, එය බරපතල නීතිමය ගැටලුවක් බවත් සිංගප්පූරු බලධාරීන් පෙන්වා දෙනවා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් AI තාක්ෂණය භාවිතා කළ හැකි වුවත්, එයින් සමාජයට හානි වන අයුරින් කටයුතු කිරීමේ ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවට මෙම සිදුවීම කදිම උදාහරණයක්.

Discussion & Feedback