ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක් නගරයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට මීට පෙර ප්‍රකාශ කළ නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි, මේ වන විට එම තීරණයෙන් පසුබසින බව පවසා තිබෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නෙතන්යාහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබුණත්, එය ක්‍රියාත්මක කිරීමට තමන්ට නීතිමය බලයක් නොමැති බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ වීඩියෝවක සඳහන් කළා. ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයෙකු නොවන නිසා, නගරාධිපතිවරයාට මෙවැනි පියවරක් ගැනීමට නීතිමය හැකියාවක් නැති බවයි නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, නෙතන්යාහු නිව්යෝර්ක් නගරයට පැමිණීම තමන් අනුමත නොකරන බවත්, ඔහු නගරයට පිළිගන්නේ නැති බවත් මම්දානි අවධාරණය කරනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ ෆෙඩරල් රජයට පමණක් බවත්, එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ නෙතන්යාහු ඇමරිකාවේදී කිසිදු ආකාරයකින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොතබන බවයි. මෙම සිදුවීමත් සමඟ ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ඇමරිකානු දේශපාලන ක්ෂේත්රයේ පවතින මතභේද තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

Discussion & Feedback