ඕස්ට්‍රේලියාවේ ඩාවින් නුවර පිහිටි මරාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වසර 22කට පසුව නැවතත් ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සියල්ල සූදානම් වෙලා තියෙනවා. මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ගොඩක් විශේෂයි. මොකද, අපේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තමන්ගේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබාගත්තේ 2004 වසරේ ජූලි 1 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ පිටියේදීයි. එදා මාලිංග තමන්ගේ මංගල තරගයේදීම කඩුලු 6ක් දවාගනිමින් ලෝකයම මවිත කළා. ඒ තරගය තමයි මේ දක්වා ඩාවින් නුවර පැවැත්වුණු අවසාන ටෙස්ට් තරගය විදිහට සටහන් වෙලා තියෙන්නේ.
දැන් නැවතත් මේ ක්‍රීඩාංගණයට ටෙස්ට් වරම් ලැබිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නිසයි. මේ තරගාවලියේ පළමු තරගය අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා ආරම්භ වෙන්න නියමිතයි. විශේෂත්වය තමයි, 2003 වසරෙන් පස්සේ බංග්ලාදේශ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම. දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 22 වැනිදා මැකේ (Mackay) නුවරදී පැවැත්වෙනවා. වසර ගණනාවකට පසුව ඩාවින් නුවරට ටෙස්ට් ක්‍රිකට් නැවත පැමිණීම ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback