මකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙනුවෙන් අලුත්ම වෙබ් අඩවියක් දැන් එළිදක්වා තියෙනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වෙබ් අඩවිය හරහා රටේ තියෙන සියලුම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල බස් සහ දුම්රිය කාලසටහන් ඇතුළු වැදගත් තොරතුරු මගීන්ට ඉතා පහසුවෙන් දැනගන්න පුළුවන් බවයි. මේ වැඩසටහනේ විශේෂම දේ තමයි ‘MAKU’ නමින් හඳුන්වා දී ඇති කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මගී සහායකයා. මේ හරහා මගීන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබාගන්න අවස්ථාව ලැබෙනවා.
මේ නවීකරණ වැඩපිළිවෙල යටතේ බස් රථ සහ පර්යන්ත කළමනාකරණය සඳහා නව පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම GPS තාක්ෂණය භාවිත කරලා බස් රථ ගමන් කරන ආකාරය තත්‍ය කාලීනව නිරීක්ෂණය කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා. දැනට ක්‍රියාත්මක වන ‘Park and Ride’ පද්ධතිය තවදුරටත් දියුණු කරමින් යාන්ත්‍රික වාහන නැවතුම්පොළවල් ඇති කිරීමටත් යෝජනා වෙලා තියෙනවා. මගී ප්‍රවාහන දත්ත පද්ධතියක් හරහා බස් රථවල ගමන් වාර, මගීන්ගේ ප්‍රමාණය සහ ප්‍රමාදයන් වැනි දේවල් නිරීක්ෂණය කරමින් අනාගත තීරණ ගැනීමට අවශ්‍ය දත්ත රැස් කිරීමත් මෙහිදී සිදුවෙනවා.
පෞද්ගලික වාහන භාවිතය අඩු කරලා පොදු ප්‍රවාහන සේවය ජනප්‍රිය කිරීම තමයි මේ වගේ බහුවිධ මධ්‍යස්ථානවල ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. දුම්රිය, බස් රථ සහ මෙට්‍රෝ සේවා එකම තැනකට ගෙන ඒම මගින් මගීන්ට විශාල පහසුවක් ලැබෙනවා. රජයේ ඉදිරි ප්‍රවාහන සංවර්ධන සැලසුම්වලදී මේ මධ්‍යස්ථානවලට ඉතා වැදගත් තැනක් හිමිවෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Discussion & Feedback