රුසියාවේ කළු මුහුද ආශ්රිත ප්‍රධාන වරායක් වන නොවොරොසිස්ක් (Novorossiysk) වෙත යුක්රේනය විසින් එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් හේතුවෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන මධ්‍යස්ථාන දෙකකට බරපතල හානි සිදුවෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු අතර තවත් 24 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මෙය රුසියානු නාවික හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුමක් බවයි. මේ ප්‍රහාරය නිසා රුසියානු නාවික හමුදාවට අයත් යුද නැව් හතරකටත් හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.
මෙම ප්‍රහාරයත් සමඟ රුසියාවේ ධාන්‍ය අපනයන කටයුතුවලට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. රුසියානු කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ධාන්‍ය ප්‍රවාහනය වෙනත් වරායන් සහ ගොඩබිම් මාර්ග ඔස්සේ සිදු කිරීමට කටයුතු යොදමින් සිටින බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර නිසා ගෝලීය ආහාර මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව රුසියානු විදේශ අමාත්‍යාංශය චෝදනා කරනවා. මේ අතර, රුසියාව විසින් යුක්රේනයේ සැපොරෝෂියා නගරයට එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා. දෙරට අතර පවතින මෙම ගැටුම් හේතුවෙන් කළු මුහුදේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර වෙළඳාම දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback