ගල්කිස්ස හුළුඳාගොඩ ප්රදේශයේදී පසුගිය දිනක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරුව ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ සැකකරු වයස අවුරුදු 32ක් වන අයෙක්. මොහු සිද්ධියෙන් පස්සේ සැඟවෙලා ඉඳලා තියෙන්නේ වත්තල ප්රදේශයේ පිහිටි නවාතැන්පොළකයි. පසුගිය අගෝස්තු 18 වැනිදා පොලිසිය විසින් මොහුව සොයාගෙන අත්අඩංගුවට ගත්තේ ඉතාමත් සූක්ෂම මෙහෙයුමකින් පසුවයි.
මේ අපරාධයට ආධාර අනුබල දුන් බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙක්, ඒ කියන්නේ පිරිමි දෙන්නෙක් සහ කාන්තාවක් කොම්පඤ්ඤවීදිය ප්රදේශයේදී අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වුණා. ඒ වගේම වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරයක්, ජීව උණ්ඩ 12ක් සහ පාවිච්චි කරපු උණ්ඩ කොපු 6ක් ද පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. පසුගිය අගෝස්තු 15 වැනිදා යතුරුපැදියකින් ආපු පුද්ගලයන් දෙන්නෙක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වෙඩි තියලා පලා ගියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යනවා.

Discussion & Feedback