අනුරාධපුරයේ පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන සටන’ රැලියට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. තමන්ගේ පුත් නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න මොහොතක පැවැත්වුණු මේ රැලිය, රටේ ගෞරවය වෙනුවෙන් ආරම්භ වුණු ජනතා අරගලයක මුල් පියවරක් විදිහටයි ඔහු හඳුන්වන්නේ. දැඩි අව් රශ්මිය නොතකා මේ රැලියට සහභාගි වුණු සියලුම දෙනාටත්, තරුණ දේශපාලනඥයන්ටත් ඔහු මෙහිදී සිය ස්තූතිය පළ කරලා තියෙනවා.
අතීතයේ ඉඳන්ම අපේ රට විවිධ අභියෝගවලට මුහුණ දීලා නැවත නැඟිටපු හැටි ගැන සිහිපත් කරපු මහින්ද රාජපක්ෂ මහතා, රට ඇතුළේ ඉන්න දේශද්‍රෝහීන් පිටස්තර සතුරන්ටත් වඩා භයානක බව අවධාරණය කළා. පෞද්ගලික වාසි වෙනුවෙන් රට පාවා දෙන අය සහ බොරු පතුරුවන අය ගැන ජනතාව ඉතාම කල්පනාකාරී විය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. අපේ සංස්කෘතිය සහ ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන, ජනතාවට සතුටින් සහ ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැවත ගොඩනැඟීම තමයි පක්ෂයේ ප්‍රධාන අරමුණ කියලා ඔහු සඳහන් කළා.
මේ අතර, බන්ධනාගාරයේ ඉඳන් නාමල් රාජපක්ෂ මහතාත් මේ රැලිය අමතමින් නෙල්සන් මැන්ඩෙලාගේ වදන් උපුටා දක්වමින් පණිවිඩයක් එවා තිබුණා. දේශපාලන වශයෙන් රටේ ලොකු අවධානයක් යොමු වෙලා තියෙන මේ මොහොතේ, පොහොට්ටුවේ මේ ජන රැලිය ඉදිරි දේශපාලන ගමන ගැන ලොකු ඉඟියක් ලබා දෙන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback