ලොව පුරා අතිශය ජනප්රිය ‘මැජික් ද ගැදරිං’ (Magic: The Gathering) කාඩ් ක්රීඩාව මේ වන විට විශාල වෙනසකට ලක්වෙමින් පවතිනවා. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රසිකයන් අතර තිබූ මේ ක්රීඩාව, මෑතකදී හඳුන්වා දුන් ‘Universes Beyond’ ව්යාපෘතිය හරහා වෙනත් ජනප්රිය නිර්මාණ සමඟ එකතු වෙමින් සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට පිවිස තිබෙනවා. මේ වෙනස නිසා ක්රීඩාවේ මුල් ස්වරූපය නැති වී යන බවට බොහෝ රසිකයන් විවේචන එල්ල කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්රීඩාවේ ප්රධාන නිර්මාණකරු මාර්ක් රෝස්වෝටර් පවසන්නේ, ක්රීඩාව මූලික වශයෙන් වෙනස් වී ඇති බවත්, එය නැවත පැරණි තත්ත්වයට පත් කිරීම කළ නොහැකි බවත්ය. ඔහු පවසන්නේ ‘ටූත්පේස් එකක් ටියුබ් එකෙන් එළියට ගත්තට පස්සේ ආයෙත් ඇතුළට දාන්න බැරි වගේ’ මේ වෙනසත් ආපසු හැරවිය නොහැකි බවයි. ක්රීඩාවේ මේ නව ගමන් මගට අකමැති අයට වෙනත් විකල්ප තෝරා ගැනීමට සිදුවන බවත්, ඔවුන්ගේ කලකිරීම තමා තේරුම් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මැජික් ද ගැදරිං ක්රීඩාව තවදුරටත් තනි ලෝකයකට සීමා නොවී, විවිධ නිර්මාණ එකතු වන මධ්යස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. මෙය ආර්ථික වශයෙන් සාර්ථක වුවත්, ක්රීඩාවේ මුල් රසිකයන්ට මෙය විශාල පාඩුවක් ලෙස දැනෙනවා. කෙසේ වෙතත්, මේ වෙනසත් සමඟ මැජික් ද ගැදරිං ක්රීඩාවේ අනාගතය තීරණය වනු ඇති අතර, පැරණි රසිකයන්ට සිදුවන්නේ මේ නව වෙනස සමඟ ඉදිරියට යාමට හෝ ක්රීඩාවෙන් සමුගැනීමටයි.

Discussion & Feedback