පොප් සංගීත ලෝකයේ දැවැන්තයෙක් වුණු මැඩෝනාගේ අතිශය ජනප්රිය ‘රේ ඔෆ් ලයිට්’ (Ray of Light) ඇල්බමය නිෂ්පාදනය කළ ප්රවීණ සංගීතඥ විලියම් ඕර්බිට් පසුගියදා වයස අවුරුදු 69 දී මියගියා. ඔහුගේ වියෝව ගැන දැනගත්තම මැඩෝනා තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබමින් ඔහුට උපහාර දක්වන්න කටයුතු කළා. ඇය කියන විදිහට විලියම් ඕර්බිට් කියන්නේ ඇයට සංගීතයේ අලුත් මානයන් පෙන්නපු, ඇයව වෙනමම ලෝකයකට අරගෙන ගිය සුවිශේෂී කලාකරුවෙක්.
මැඩෝනා තමන්ගේ සටහනේ වැඩිදුරටත් සඳහන් කරන්නේ විලියම් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ සංගීතය කියන්නේ කිසිම සීමාවකට කොටු වෙන්න ඕන දෙයක් නෙවෙයි කියලා තමන්ට තේරුණා කියලයි. “ඔයා මගේ ඇතුළේ තිබුණු මැජික් බොත්තමක් එබුවා, ඒ නිසා මට හීන ලෝකයක අතරමං වෙන්න පුළුවන් වුණා. ඔයාගේ සංගීතය මට පියාඹන්න මැජික් කාපට් එකක් වගේ වුණා” කියලා ඇය ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. විලියම් ඕර්බිට් කියන්නේ මැඩෝනා විතරක් නෙවෙයි, U2, බ්රිට්නි ස්පියර්ස් වගේ ලෝක ප්රසිද්ධ තරු රැසක් එක්ක වැඩ කරපු දක්ෂයෙක්.
මැඩෝනා තමන්ගේ මේ සටහනත් එක්ක ‘රේ ඔෆ් ලයිට්’ ගීතයේ වීඩියෝ දර්ශන සහ 1999 වසරේ ඔවුන් දෙදෙනා එකට ග්රැමී සම්මානයක් ලබාගන්නා වීඩියෝවකුත් බෙදාගෙන තිබුණා. විලියම් ඕර්බිට්ගේ වියෝව සංගීත ලෝකයට ලොකු පාඩුවක් වගේම, මැඩෝනාගේ සංගීත දිවියේ අමතක නොවන පරිච්ඡේදයක අවසානයක් විදිහටත් රසිකයන් දකිනවා. ඇය ඔහුට ආදරයෙන් සමුදෙන්නේ “ගුඩ් බයි බිලී බබල්ස්” කියමින්.

Discussion & Feedback