ප්‍රසිද්ධ අධ්‍යක්ෂක ලූකා ගුවාඩග්නිනෝගේ නවතම චිත්‍රපටය වන ‘Artificial’ තිරගත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන්ගේ ජීවිතය සහ සමාගමේ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇමසන් එම්.ජී.එම් (Amazon MGM) ආයතනය විසින් ඔවුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබුවා. මේ ගැන අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා පවසන්නේ තමන් මේ තත්ත්වය ගැන වැඩි යමක් නොකියන බවත්, චිත්‍රපටය වෙනත් ආයතනයක් හරහා ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට උත්සාහ කරන බවත්ය.
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ලෝකය කොයිතරම් වෙනස් කරනවාද යන්න ගැන ලූකා ගුවාඩග්නිනෝ සෑහෙන කලකිරීමකින් ඉන්නේ. ඔහු පවසන විදියට ගැටලුව තියෙන්නේ තාක්ෂණයේම නෙවෙයි, ඒ තාක්ෂණය නිසා මිනිසුන්ගේ ජීවන රටාවන් සහ සමාජයේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් වීම තුළයි. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ වීදිවල අසරණ මිනිසුන් අතරින් ස්වයංක්‍රීය මෝටර් රථ ගමන් කරන දර්ශනය ඔහු හඳුන්වන්නේ ඉතාමත් කම්පන සහගත සහ බියකරු දර්ශනයක් විදියටයි. ඇන්ඩෲ ගාෆීල්ඩ් සෑම් ඕල්ට්මන්ගේ චරිතයට පණ පොවන මේ චිත්‍රපටය, තාක්ෂණික දියුණුව සහ මානුෂීය අර්බුද අතර පවතින පරතරය මනාව පෙන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback