ජනප්රිය ‘Love Island USA’ රියැලිටි වැඩසටහන හරහා ප්රසිද්ධියට පත්වුණු ඇලනා කීසර්, මීට වසර කිහිපයකට පෙර ඇය සමාජ මාධ්ය ඔස්සේ පළ කළ වර්ගවාදී අදහස් සහ වීඩියෝ පට සම්බන්ධයෙන් මේ වන විට ප්රසිද්ධියේ සමාව අයැද සිටිනවා. ඇය ගායනා කරන වීඩියෝවක වර්ගවාදී වචනයක් භාවිතා කිරීම සහ තවත් එවැනිම ආකාරයේ අසත්ය තිර පිටපත් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ ඇය දැඩි විවේචනයට ලක්වුණා. මේ පිළිබඳව ටික්ටොක් වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නේ, තමන් කිසිදු ආකාරයක වර්ගවාදයකට හෝ වෙනස් කොට සැලකීමකට සහාය නොදෙන බවයි. එම වීඩියෝව වසර හයකට පෙර ගත් එකක් බවත්, තමන්ගේ වචන මාලාවෙන් එම වචන දැන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් ඇය අවධාරණය කරනවා.
ඇලනා වැඩිදුරටත් පවසන්නේ, අන්තර්ජාලයේ සැරිසරන සමහර තිර පිටපත් අසත්ය ඒවා බවත්, තමන් කිසිවෙකුගේ සමේ වර්ණය අනුව වෙනස් කොට සලකන කෙනෙක් නොවන බවත්ය. මෙම සිදුවීම් නිසා තමන් දැඩි කම්පනයට පත් වූ බවත්, මෙය තමන්ට ලැබුණු විශාල පාඩමක් බවත් ඇය සඳහන් කරනවා. කෙසේ වෙතත්, රියැලිටි වැඩසටහනේදී තමන්ගේ සැබෑ පෞරුෂය පෙන්වීමට අවස්ථාවක් නොලැබීම ගැන ඇය කනගාටුව පළ කරනවා. වැඩසටහන නිෂ්පාදනය කරන ආයතනය පවසන්නේ, ඇයව තෝරාගන්නා අවස්ථාවේදී මෙම පැරණි සමාජ මාධ්ය සටහන් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් නොවූ බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම් නිසා වැඩසටහනේ ඇයගේ දර්ශන බොහෝමයක් කපා හැරීමට නිෂ්පාදකවරුන් පියවර ගෙන තිබුණා.

Discussion & Feedback