කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමින් සිටි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම තරුණිය සිය පවුලේ අය සමඟ උත්සවයට පැමිණ සිටියදී ඇයගේ පෙම්වතා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති අතර, ඒ පිළිබඳව පියා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. නාරාහේන්පිට සිට නාවල දෙසට ගමන් කරමින් තිබූ සැකකරුගේ මෝටර් රථය නතර කරන ලෙස පොලිසිය නියෝග කළත්, ඔහු එය නොතකා ධාවනය කිරීම නිසා පොලිසිය විසින් රථයට වෙඩි තැබීමට පවා සිදු වුණා.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පසු සැකකරු මෝටර් රථය අතහැර පලා ගොස් ඇති අතර, රථය තුළ සිටි තරුණියව පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම තරුණිය සහ සැකකරු මාතර, වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. පුදුමයට කරුණ නම්, මෙම මෝටර් රථය සැකකරුට අයත් එකක් වුවත්, උපාධි ප්‍රදානෝත්සවයට පැමිණීමට තරුණියගේ පියා විසින් එම රථයම භාවිතා කර තිබීමයි. මේ වන විට තරුණියව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Discussion & Feedback