මේ දිනවල පැවැත්වුණු 79 වැනි ලොකාර්නෝ ජාත්යන්තර චිත්රපට උළෙලේදී රුමේනියානු අධ්යක්ෂ ෆ්ලොරින් ෂර්බන්ගේ ‘You Don’t Belong Here’ චිත්රපටය උළෙලේ ඉහළම සම්මානය වන ‘Pardo d’Oro’ සම්මානයෙන් පිදුම් ලැබුවා. වසර අටකට පසු සිනමාවට පිවිසි ෆ්ලොරින්ගේ මෙම නිර්මාණය පියෙකු සහ පුතෙකු අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවය සහ සමාජ ගැටලු මනාව නිරූපණය කරනවා. චිත්රපටයේ තිර රචනයේ ඇති ශක්තිය සහ සිනමාත්මක භාෂාව භාවිත කළ ආකාරය විනිසුරු මඩුල්ලේ දැඩි ඇගයීමට ලක් වුණා.
මේ අතර, හොඳම අධ්යක්ෂණය සඳහා වන සම්මානය දකුණු කොරියානු අධ්යක්ෂ හොං සැන්ග්සූ විසින් ‘Nowhere to Lay My Eyes’ චිත්රපටය වෙනුවෙන් දිනාගත්තා. එම චිත්රපටයේ රඟපෑ කිම් මින්හී සහ ‘Ketticè’ චිත්රපටයේ රංගනය වෙනුවෙන් ලොව ප්රකට නිළි මොනිකා බෙලූචි හොඳම රංගන ශිල්පිනියන් ලෙස සම්මාන ලැබීම විශේෂත්වයක්. බ්රසීලයේ ‘The Riverbank’ චිත්රපටයට විශේෂ ජූරි සම්මානය හිමි වූ අතර, උළෙලේ කලා අධ්යක්ෂ ජියෝනා ඒ. නසාරෝ පවසන්නේ මෙම සම්මාන ලැයිස්තුව වර්තමාන ලෝකයේ සිනමාත්මක වෙනස්කම් මනාව පිළිබිඹු කරන බවයි.
මෙවර උළෙලේ ජූරි සභාපති ලෙස බෙල්ජියම් ජාතික සිනමාකරු ෆැබ්රිස් ඩු වෙල්ස් කටයුතු කළා. ලොකාර්නෝ උළෙල අවසන් වන්නේ අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකින්. ලබන වසරේදී 80 වැනි වරටත් පැවැත්වෙන මෙම උළෙල 2027 අගෝස්තු 4 සිට 14 දක්වා පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කරලා තියෙනවා.

Discussion & Feedback