ප්රකට ඇමරිකානු විකට නළුවෙක් සහ නිවේදකයෙක් වන කොනන් ඕබ්රයන් පසුගිය දිනක පැවති වැඩසටහනකදී රචනා කාමර (writers’ rooms) ආශ්රිතව සිදුවෙමින් පවතින වෙනස්කම් ගැන අදහස් දක්වමින් කියා සිටියේ, අද වන විට ලේඛකයන්ට ලැබෙන අවස්ථා සීඝ්රයෙන් අඩු වී ඇති බවයි. තමන් වයස අවුරුදු 22දී මුල්ම වතාවට රචනා කාමරයකට පිවිසි අයුරු සිහිපත් කරන ඔහු, එය තමන්ගේ නිර්මාණශීලීත්වයට කදිම තෝතැන්නක් වූ බව පවසනවා. එදා ලේඛකයන්ට ලැබුණු පහසුකම් ගැන විහිළුවට මෙන් සිහිපත් කරන ඔහු, එකල ලේඛකයන් ඉතා සුඛෝපභෝගී ලෙස කෑම බීම ලබාගත් බවත්, සමහර විට ඔවුන් ලොබ්ස්ටර් සහ ෂැම්පේන් වැනි දේවල් පවා ඇණවුම් කළ බවත් පවසනවා. නමුත් අද වන විට එවැනි තත්ත්වයක් නැති බවත්, එය නැවත එන්නෙත් නැති බවත් ඔහු අවධාරණය කරනවා.
සංඛ්යාලේඛනවලට අනුව 2022 වසරට සාපේක්ෂව 2025 වන විට සේවයේ නියුතු ලේඛකයන්ගේ සංඛ්යාව 27%කින් පහත වැටී තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක් වුවත්, කොනන් ඕබ්රයන් තවමත් බලාපොරොත්තු සහගතයි. දක්ෂ නිර්මාණකරුවන් ඕනෑම බාධාවක් මැද තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට මගක් සොයා ගන්නා බව ඔහු විශ්වාස කරනවා. දැනට පොඩ්කාස්ට් ක්ෂේත්රයේ සාර්ථක ගමනක් යන ඔහු, ඉදිරි අනාගතය ගැන තවමත් ලොකු සැලසුම් නැති බවත්, කාලය පැමිණි විට ඒ ගැන බලාගත හැකි බවත් පවසමින් සිය අදහස් දැක්වීම අවසන් කළා.

Discussion & Feedback