ජනප්‍රිය ඇමරිකානු ගායිකා ලිසෝට එරෙහිව ඇයගේ නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ ඉතිරි චෝදනා සියල්ලම ඇමරිකානු දිස්ත්‍රික් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඇයගේ හිටපු ඇඳුම් පැළඳුම් සහායිකාවක වන ආශා ඩැනියෙල්ස් විසින් ලිසෝගේ සමාගමට එරෙහිව ලිංගික හිරිහැර, වාර්ගික වෙනස්කම් කිරීම් සහ සේවා ස්ථානයේදී අමානුෂික ලෙස සැලකීම් සිදු කළ බවට චෝදනා නගා තිබුණා. කෙසේ වෙතත්, විනිසුරු ෆර්නැන්ඩෝ එල්. ඒන්ලේ-රෝචා ප්‍රකාශ කළේ මෙම චෝදනා නීතිමය වශයෙන් සේවා ස්ථානයක සිදුවන අසාධාරණකම් ලෙස වර්ගීකරණය කළ නොහැකි බවයි.
මෙම තීන්දුව ලැබීමෙන් පසු ලිසෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පවසා සිටියේ තමන් මේ පිළිබඳව දැඩි සහනයක් ලබන බවයි. තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලුම අසත්‍ය චෝදනාවලට එරෙහිව දිගටම සටන් කරන බවත්, සත්‍යය තමන්ට ඉතා වැදගත් බවත් ඇය අවධාරණය කළා. තමන්ගේ නීතිඥ කණ්ඩායමට ස්තූතිවන්ත වන අතරම, තමන්ගේ රසිකයන් වෙනුවෙන් දිගටම ධනාත්මක දේ ලෝකයට බෙදා දෙන බවද ඇය සඳහන් කර තිබෙනවා.
අනෙක් පසින්, පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරයා පවසා ඇත්තේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බවයි. අධිකරණ ක්‍රියාවලියට ගරු කළත්, සාක්ෂි නිසි ලෙස විමර්ශනය නොකළ බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත්, ලිසෝගේ පාර්ශ්වය මෙම චෝදනා සියල්ලම මුල සිටම ප්‍රතික්ෂේප කර තිබූ අතර, මේ වන විට නීතිමය වශයෙන් ඇයට විශාල ජයග්‍රහණයක් හිමිව තිබෙනවා.

Discussion & Feedback