මෙක්සිකෝවේ සිනලෝවා ප්‍රාන්තයේදී තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සීසර් ගැස්ටෙලම්ව ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. ඔහු සිය මිතුරන් සමඟ ආහාර ආපන ශාලාවක් අසල සජීවී විකාශයක (Livestream) නිරත වෙමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා යන ආකාරය එම වීඩියෝවේ පැහැදිලිවම දැකගන්න පුළුවන්. මේ සිදුවීමත් සමඟ මෙක්සිකෝවේ සමාජ මාධ්‍ය තරු සහ එරට ක්‍රියාත්මක අපරාධ කල්ලි අතර පවතින සැක සහිත සබඳතා ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ සිනලෝවා ප්‍රාන්තයේ පමණක් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් දස දෙනෙකුට වඩා ඝාතනය කර තිබෙනවා. විශේෂඥයන් පවසන විදිහට, මේ තරුණ ඉන්ෆ්ලුවෙන්සර්වරුන් බොහෝ දෙනෙක් සුඛෝපභෝගී ජීවන රටාවන් ප්‍රදර්ශනය කරමින් අපරාධ කල්ලිවලට සම්බන්ධ සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරීමට පෙළඹෙනවා. මේ නිසාම ඔවුන් ප්‍රතිවාදී කල්ලිවල ඉලක්ක බවට පත්වීමේ වැඩි ඉඩක් තියෙනවා. සමහර අවස්ථාවලදී මේ කල්ලි තම ‘බ්‍රෑන්ඩ්’ එක ප්‍රවර්ධනය කරගන්නා මාධ්‍යයක් ලෙසත් ඔවුන්ව භාවිතා කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
මේ ඝාතන රැල්ල පාලනය කිරීමට මෙක්සිකෝ රජය දැඩි පියවර ගනිමින් සිටියත්, තවමත් තත්ත්වය එතරම් යහපත් නැහැ. ජනාධිපති ක්ලෝඩියා ෂීන්බෝම් පවසන්නේ මේ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා ලැබෙන ක්ෂණික ජනප්‍රියත්වය සහ අපරාධ ලෝකයේ අඳුරු පැතිකඩ අතර ඇති මේ බැඳීම, තරුණ පරපුරට බරපතල තර්ජනයක් වෙලා තියෙනවා.

Discussion & Feedback