ලොව පුරා ඉමහත් ජනප්රියත්වයක් දිනාගත් නරුටෝ ඇනිමෙ මාලාව ඇසුරින් නිර්මාණය වන සජීවී චිත්රපටය පිළිබඳව රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ නිෂ්පාදන කටයුතු ප්රමාද වෙමින් තිබුණත්, අවසානයේදී ලයන්ස්ගේට් ආයතනය විසින් මෙම චිත්රපටයේ රූගත කිරීම් 2027 වසරේ මුල් භාගයේදී ආරම්භ කරන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම දැවැන්ත නිර්මාණය අධ්යක්ෂණය කරන්නේ ‘ෂැං-චි’ චිත්රපටය හරහා ලොවම දිනාගත් දක්ෂ අධ්යක්ෂක ඩෙස්ටින් ඩැනියෙල් ක්රෙටන් විසින්. ඔහුම මෙම චිත්රපටයේ තිර රචනයත් සිදු කිරීම විශේෂත්වයක්.
මීට අමතරව, නරුටෝ කතාවේ ප්රධාන චරිත වන නරුටෝ උසුමාකි, සාසුකේ උචිහා සහ සකුරා හරූනෝ යන චරිත සඳහා සුදුසු නළු නිළියන් තෝරා ගැනීමේ ගෝලීය පරීක්ෂණයක් පසුගිය ජූලි මාසයේදී ආරම්භ කළා. චිත්රපටයේ නිර්මාතෘ මසාෂි කිෂිමොතෝ පවා ක්රෙටන්ගේ අධ්යක්ෂණය පිළිබඳව ලොකු විශ්වාසයකින් ඉන්නේ. චරිතවල ස්වභාවය මනාව වටහාගෙන කතාව ගොඩනැගීමට ඔහුට ඇති හැකියාව ගැන කිෂිමොතෝ ප්රශංසා කරලා තියෙනවා. ඉතින්, මේ ආදරණීය චරිත සජීවීව තිරය මත දකින්න ලැබෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

Discussion & Feedback