ලිතුවේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන සිදුවන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය විශේෂ දැනුම්දීමක් කරලා තියෙනවා. සංචාරක වීසා මගින් ලිතුවේනියාවට ගිහින් රැකියා ලබාගත හැකි බව පවසමින් විවිධ පුද්ගලයන් සහ නියෝජිතයන් මුදල් වංචා කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි පොරොන්දු සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් හෝ මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවී සිටින ලෙසත් කොන්සල් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ රැකියා සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතන හරහා පමණක් නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා. ඕනෑම ගනුදෙනුවකට පෙර නිල මූලාශ්‍ර හරහා තොරතුරු තහවුරු කරගැනීම ඉතාම වැදගත්. කොන්සල් කාර්යාලයේ අධ්යක්ෂ කාංචන කොඩිතුවක්කු මහතා පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ මුදල්, ආරක්ෂාව සහ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි. ලිතුවේනියාවේ උසස් අධ්‍යාපනය හෝ නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා යොමුවීමට කැමති අය නිවැරදි තොරතුරු සඳහා කොන්සල් කාර්යාලයේ නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය පිටු පරීක්ෂා කරන ලෙසත්, නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කරන ලෙසත් දන්වා තිබෙනවා.

Discussion & Feedback