නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ පවතින ස්විෆ්ට් (Swift) නිරීක්ෂණාගාරයේ කක්ෂය ඉහළ නැංවීම සඳහා යැවූ ‘LINK’ චන්ද්‍රිකාවේ මෙහෙයුම අවාසනාවන්ත ලෙස අසාර්ථක වෙලා. සූර්ය ක්‍රියාකාරකම් වැඩිවීම නිසා ස්විෆ්ට් දුරේක්ෂයේ කක්ෂය වේගයෙන් පහළට වැටෙමින් තිබුණා. ඒක වළක්වන්න තමයි කැටලිස්ට් ස්පේස් (Katalyst Space) ආයතනය විසින් LINK චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැව්වේ. නමුත් අභ්‍යවකාශයට ගිහින් සති තුනක් යන්නත් කලින් මේ චන්ද්‍රිකාව පාලනය කරගන්න බැරි විදිහට කැරකෙන්න පටන් ගත්තා. ඒ නිසා නාසා ආයතනයට මේ මෙහෙයුම අතරමග නවත්වන්න සිද්ධ වුණා.
මේ මෙහෙයුම අසාර්ථක වුණත්, කැටලිස්ට් ආයතනය LINK චන්ද්‍රිකාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඔවුන්ට චන්ද්‍රිකාවේ තිබුණු රොබෝ අත් තුනම සාර්ථකව විවෘත කරන්න පුළුවන් වුණා වගේම, ස්විෆ්ට් දුරේක්ෂයට කිලෝමීටර් 12ත් 15ත් අතර දුරකින් ගමන් කරන්නත් හැකි වුණා. ස්විෆ්ට් දුරේක්ෂය වසර 20ක් තිස්සේ විශ්වයේ සිදුවන ගැමා කිරණ පිපිරීම් සහ කළු කුහර ආශ්රිත දේවල් ගැන අපිට වටිනා තොරතුරු ලබා දුන්නා. කෙසේ වෙතත්, දැන් මේ චන්ද්‍රිකා දෙකම මේ වසර අවසන් වීමට පෙර පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී යනු ඇතැයි විද්‍යාඥයන් පවසනවා. අනාගතයේදී වෙනත් චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීමේ තාක්ෂණය දියුණු කරගන්න මේ අත්දැකීම ඔවුන්ට ලොකු උදව්වක් වේවි.

Discussion & Feedback