ලෝක ප්‍රසිද්ධ ‘ලයිලෝ ඇන්ඩ් ස්ටිච්’ (Lilo & Stitch) සජීවීකරණ චිත්‍රපටයේ ලයිලෝගේ චරිතයට හඬ කවමින් සහ ‘ද රින්ග්’ (The Ring) භීෂණ චිත්‍රපටයේ සමාරා ලෙස රඟපාමින් ලොවම දිනාගත් තරුණ නිළි ඩේවි චේස් මියගොස් තිබෙනවා. ඇය මිය යන විට 35 හැවිරිදි වියේ පසු වූ අතර, ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇය ඒඩ්ස් රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි. මීට අමතරව ඇය විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටීමද ඇගේ මරණයට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
කුඩා කල සිටම හොලිවුඩ් සිනමාවට එක්වූ ඩේවි, ‘ස්පිරිටඩ් අවේ’ සහ ‘බිග් ලව්’ වැනි නිර්මාණ රැසකට දායක වුණා. කෙසේ වෙතත්, ඇගේ පියා පවසන පරිදි ඇය මිය යන විට නිවාස නොමැතිව තම පෙම්වතා සමඟ ලොස් ඇන්ජලීස් නගරයේ ඉතා අසීරු ජීවිතයක් ගත කරමින් සිට තිබෙනවා. වසර ගණනාවක් පුරා ඇය විවිධ නීතිමය ගැටලුවලට සහ මත්ද්‍රව්‍ය ආශ්රිත චෝදනාවලටද ලක්ව සිටි බව වාර්තා වෙනවා. ළමා නිළියක ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබූ ඇය, 2015 වසරේදී රංගන ක්ෂේත්රයෙන් සමුගැනීම බොහෝ රසිකයන්ට කම්පනයක් වුණා. ඇගේ අකල් වියෝව හොලිවුඩ් සිනමාවට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback