ජාත්යන්තරයේ ජනප්රිය රැප් ගායකයෙක් වන ලිල් වේන් (Lil Wayne) නැවත වතාවක් පොඩ්කාස්ට් ලෝකයට පිවිසීමට සූදානම් වෙනවා. ඔහු මේ සඳහා එක්වෙන්නේ ප්රවීණ ක්රීඩා විචාරක ක්රේග් කාර්ටන් (Craig Carton) සමඟයි. ‘The Joint Venture Show’ ලෙස නම් කර ඇති මෙම නවතම වැඩසටහන ජූලි 22 වැනිදා සිට යූටියුබ් ඇතුළු ප්රධාන වේදිකාවලින් රසිකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. මීට පෙර ඇපල් මියුසික් හරහා ‘Young Money Radio’ වැඩසටහන මෙහෙයවූ ලිල් වේන්, මෙවර ක්රේග් කාර්ටන් සමඟ එක්ව ක්රීඩා, සංගීතය සහ පොප් සංස්කෘතිය පිළිබඳ විවිධ කතාබහවල නිරත වීමටයි බලාපොරොත්තු වෙන්නේ.
මෙම වැඩසටහනේ විශේෂත්වය වෙන්නේ ලිල් වේන්ගේ ප්රසංගයකින් පසුව ඔහු සහ ක්රේග් කාර්ටන් එක්ව විශේෂ අමුත්තන් සමඟ ඉතා සැහැල්ලු ලෙස ලෝකයේ සිදුවන අමුතුම සහ උණුසුම්ම පුවත් ගැන කතා කිරීමයි. ඒ වගේම සිනමා නිර්මාණ, ක්රීඩා ලෝකයේ සිදුවීම් සහ සංගීත ක්ෂේත්රයේ මතභේදාත්මක කරුණු ගැනත් මෙහිදී සාකච්ඡා කෙරෙනවා. මේ ගැන අදහස් දක්වමින් ලිල් වේන් පවසන්නේ තමන්ගේ මිතුරන් සමඟ ඉතා නිදහසේ කතාබහ කරන අත්දැකීමක් මෙම වැඩසටහන හරහා රසිකයන්ට ලබා දෙන බවයි. ජූලි 19 වැනිදා පැවැත්වෙන ‘Fanatics Fest’ උළෙලේදී සජීවී ප්රේක්ෂකයන් ඉදිරියේ මෙම වැඩසටහනේ විශේෂ කථාංගයක් පටිගත කිරීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback