ලෝකයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයෝජන සමාගමක් වන ලයිට්ස්පීඩ් (Lightspeed), ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණය දියුණු කිරීම වෙනුවෙන් අලුත්ම අරමුදලක් පිහිටුවීමට සූදානම් වෙනවා. මේ සඳහා ඔවුන් ඩොලර් මිලියන 250ක ඉලක්කයක් තබාගෙන සිටින අතර, දැනටමත් ඉන් 80%ක්ම සාර්ථකව එකතු කරගෙන අවසන්. මීට පෙර 2022 වසරේදී ඔවුන් ඩොලර් මිලියන 500ක අරමුදලක් පිහිටුවා තිබුණත්, මෙවර ඔවුන් වඩාත් අවධානය යොමු කරන්නේ AI ක්ෂේත්රයේ නැගී එන නවක ව්‍යාපාර හෙවත් ස්ටාර්ටප්ස් (Startups) වෙනුවෙන්. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ AI තාක්ෂණය හරහා විශාල වටිනාකමක් නිර්මාණය කළ හැකි බව ඔවුන් විශ්වාස කරනවා.
ලයිට්ස්පීඩ් සමාගම දැනටමත් Anthropic සහ Databricks වැනි ලෝක මට්ටමේ දැවැන්ත AI සමාගම්වල ආයෝජනය කර තිබෙනවා. ඉන්දියාවේදී ඔවුන් ‘Sarvam AI’ වැනි දේශීය සමාගම් සමඟ එක්ව කටයුතු කරන අතර, ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ මෙම නව අරමුදල හරහා ආයෝජන සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ සිටින දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතිව, ඉදිරියේදී AI ක්ෂේත්රයේ විශාල පෙරළියක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පියවර හරහා ඉන්දියාවේ තාක්ෂණික ක්ෂේත්රය තවත් ශක්තිමත් වනු ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback