නාසා ආයතනයේ අලුත්ම අභ්යවකාශ දුරේක්ෂය වන ‘නැන්සි ග්රේස් රෝමන්’ අභ්යවකාශ දුරේක්ෂය අද උදෑසන ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයේ සිට අභ්යවකාශයට සාර්ථකව දියත් කළා. ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් මෙම දැවැන්ත දුරේක්ෂය අභ්යවකාශ ගත කළ අතර, එය හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට පසුව නාසා ආයතනය විසින් අභ්යවකාශයට යැවූ වඩාත්ම දියුණු දුරේක්ෂය ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුම සඳහා වසර දහයකට වැඩි කාලයක් සහ ඩොලර් බිලියන හතරක පමණ මුදලක් වැය කර තිබෙනවා.
මෙම රෝමන් දුරේක්ෂයේ විශේෂත්වය වන්නේ එයට විශ්වයේ ඉතා පුළුල් දර්ශන ලබා ගැනීමේ හැකියාව තිබීමයි. විශේෂයෙන්ම අපේ ක්ෂීරපථයේ තරු බිලියන විස්සක් පමණ නිරීක්ෂණය කරමින් අභ්යවකාශයේ විශාලතම තාරකා විද්යාත්මක නාමාවලිය සැකසීමට මෙය බලාපොරොත්තු වෙනවා. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයක විශාල දර්ශන පථයක් ආවරණය කිරීමට මෙයට හැකියාව තියෙනවා. අඳුරු පදාර්ථ, අඳුරු ශක්තිය සහ පිටසක්වල ග්රහලෝක පිළිබඳව සොයා බැලීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම දුරේක්ෂයට ‘නැන්සි ග්රේස් රෝමන්’ යන නම තබා ඇත්තේ නාසා ආයතනයේ ප්රථම ප්රධාන තාරකා විද්යාඥවරිය සිහිපත් කිරීම සඳහායි. ඇය හබල් දුරේක්ෂය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් නිසා ඇයව ‘හබල්ගේ මව’ ලෙසත් හඳුන්වනවා. මෙම නව දුරේක්ෂය මගින් විශ්වයේ රහස් රැසක් හෙළි කරගන්නා අලුත් යුගයක් ආරම්භ වනු ඇතැයි විද්යාඥයන් විශ්වාස කරනවා.

Discussion & Feedback