කොටගල ස්ටෝනික්ලිෆ් වතුයායේදී කම්බි උගුලකට අසු වී අසරණව සිටි දිවියෙකු ඉතා අසීරු මෙහෙයුමකින් පසුව බේරා ගැනීමට හැකි වී තිබෙනවා. මේ වන විට එම දිවියා රන්දෙණිගල වනජීවී කාර්යාලයට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර තිබෙනවා. මේ සත්වයා බේරා ගැනීම සඳහා රාජකාරි වර්ජන මධ්‍යයේ වුවද කැපවීමෙන් කටයුතු කළ වනජීවී නිලධාරීන්ට සහ පශු වෛද්‍යවරුන්ට ඔහු සිය ස්තූතිය පුද කර සිටිනවා.
මෙම මෙහෙයුම සඳහා පශු වෛද්‍යවරුන් වන ගංගා සහ නිහාල් යන මහත්ම මහත්මීන් ඇතුළු අකලංක සහ ඔහුගේ කණ්ඩායම ඉතා කැපවීමෙන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම හර්ෂ මධුරංග, ශෂික ඇතුළු වනජීවී දෙපාර්තමේන්තුවේ පිරිසක් ද මෙම සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට විශාල වෙහෙසක් දරා තිබෙනවා. නුවන් සහ බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම සිදුවීම පිළිබඳව මුලින්ම තොරතුරු ලබා දී ඇති අතර, පසුගිය රාත්‍රියේ සිට අලුයම දක්වාම මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට විපක්ෂ නායකවරයා ද සෘජුවම මැදිහත් වී කටයුතු කර තිබීම විශේෂත්වයක්.
මෙවැනි අවස්ථාවලදී පශු වෛද්‍යවරුන් ඉටු කරන්නේ ඉතා වටිනා සේවයක් බවත්, ඔවුන්ගේ එම කැපවීම නිසි ලෙස ඇගයීමට ලක් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින දිවියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback