නයිජීරියානු සිනමාවේ පියා ලෙස සැලකෙන ප්‍රවීණ රංගන ශිල්පී ඔලු ජේකොබ්ස් වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත වෙලා. ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි ජෝක් සිල්වා තමයි මේ දුක්බර පුවත මාධ්‍යයට දැනුම් දුන්නේ. ඇය ඔහුව හඳුන්වන්නේ ‘ලුෆෝඩෝහි සිංහයා’ කියලයි. දශක පහකට වැඩි කාලයක් පුරා නයිජීරියානු සිනමාව සහ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කළ සේවය අතිමහත්. ලන්ඩනයේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ පුහුණුව ලැබූ ඔහු, ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් රැසකට දායක වෙමින් ලොව පුරා රසික ආදරය දිනාගත්තා.
ඔලු ජේකොබ්ස් පසුගිය වසර කිහිපයක සිට මතක ශක්තියට බලපාන ‘ඩිමෙන්ශියා’ රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටියා. ඒ නිසාම ඔහු මහජන දර්ශනයෙන් බොහෝ දුරට ඉවත් වෙලයි හිටියේ. ඔහුගේ වියෝව පිළිබඳ පවුලේ අය මේ වෙලාවේ ඉන්නේ දැඩි ශෝකයකින්. ඒ නිසා පවුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන්න කියලා ඔහුගේ බිරිඳ සියලුම රසිකයන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. නයිජීරියානු සිනමාවට ඔහු කළ සේවය වෙනුවෙන් ජාතික සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා. ඔහුගේ අභාවය නයිජීරියානු සිනමා ක්ෂේත්රයට පිරවිය නොහැකි විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback