ජර්මනිය පදනම් කරගත් අයිසාර් ඒරොස්පේස් (Isar Aerospace) සමාගම තමන්ගේ අභ්යවකාශ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් කැනඩාවේ නොවා ස්කොෂියා අභ්යවකාශ මධ්යස්ථානය භාවිත කිරීම සඳහා ඩොලර් මිලියන 150ක වසර 10ක බදු ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම හරහා ඔවුන්ගේ ප්රධාන රොකට්ටුව වන ‘ස්පෙක්ට්රම්’ (Spectrum) අභ්යවකාශගත කිරීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සකස් කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. 2028 වසරේදී සිය පළමු කක්ෂීය දියත් කිරීම සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, 2029 වන විට වසරකට රොකට් දියත් කිරීම් 40ක් දක්වා මෙහෙයුම් වැඩි කිරීමටයි ඔවුන් සැලසුම් කරන්නේ.
මීට පෙර 2025 මාර්තු මාසයේදී නෝර්වේ රාජ්යයේදී සිදු කළ පළමු දියත් කිරීම අසාර්ථක වුවත්, අයිසාර් සමාගම තමන්ගේ අභිලාෂයන් අත්හැර දමා නැහැ. අභ්යවකාශ දත්ත ලබා ගැනීම අද වන විට ලෝකයේ බොහෝ රටවලට අත්යවශ්ය කරුණක් වී තිබෙනවා. ඒ නිසාම ස්වාධීනව අභ්යවකාශයට පිවිසීමේ හැකියාව ලබා දීම තම සමාගමේ ප්රධාන ඉලක්කය බවයි අයිසාර් සමාගමේ මෙහෙයුම් ප්රධානී ඇලෙක්සැන්ඩර් ඩලෝනෝ පවසන්නේ. කැනඩාව සමඟ එක්ව සිදු කරන මෙම නව ව්යාපෘතිය මගින් අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Discussion & Feedback