ජර්මනිය පදනම් කරගත් අයිසාර් ඒරොස්පේස් (Isar Aerospace) සමාගම තමන්ගේ අභ්යවකාශ මෙහෙයුම් තවත් පුළුල් කරමින් කැනඩාවේ ‘ස්පේස්පෝට් නොවා ස්කොෂියා’ (Spaceport Nova Scotia) දියත් කිරීමේ මධ්යස්ථානය භාවිත කිරීම සඳහා වසර 10ක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මේ සඳහා ඔවුන් ඩොලර් මිලියන 150ක මුදලක් ආයෝජනය කරන අතර, අවශ්ය නම් තවත් වසර 10කින් මෙම ගිවිසුම දීර්ඝ කර ගැනීමේ හැකියාවත් ඔවුන්ට තියෙනවා. මෙම නව මධ්යස්ථානය හරහා ඔවුන්ගේ ‘ස්පෙක්ට්රම්’ (Spectrum) රොකට්ටුව අභ්යවකාශගත කිරීමට අවශ්ය යටිතල පහසුකම් සකස් කරගන්නා අතර, 2028 වසරේදී පළමු වරට කැනඩාවේ සිට සිය රොකට් අභ්යවකාශගත කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
මෙම ව්යාපෘතිය හරහා 2029 වන විට වසරකට රොකට් දියත් කිරීම් 40ක් පමණ සිදු කිරීමට අයිසාර් සමාගම බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ඔවුන්ගේ පළමු රොකට් අත්හදා බැලීම අසාර්ථක වුවත්, එයින් පසුබට නොවී අභ්යවකාශ ක්ෂේත්රයේ ස්වාධීනත්වය තහවුරු කරගැනීම සඳහා ඔවුන් විශාල උත්සාහයක නිරත වෙනවා. අයිසාර් සමාගමේ මෙහෙයුම් ප්රධානී ඇලෙක්සැන්ඩර් ඩලෝනෝ පවසන පරිදි, අද වන විට බොහෝ රටවලට අභ්යවකාශ දත්ත අවශ්ය වුවත්, තමන්ගේම රොකට් තාක්ෂණයකින් අභ්යවකාශයට පිවිසීමේ හැකියාව ඇත්තේ ඉතා සුළු රටවල් ප්රමාණයකට පමණයි. මේ නිසා මෙම නව ගිවිසුම ආරක්ෂක සහ බුද්ධි අංශ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback