ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සහ කීර්තිනාම කළමනාකරණ ආයතනයක් වන Wire Communications Consultancy Holdings Group (WCCG), ආයතනික අවදානම් කළමනාකරණය සහ කීර්තිනාමය සුරැකීම වෙනුවෙන් ‘Intel Wire’ නමින් නවතම උපායමාර්ගික බුද්ධි ඒකකයක් පසුගියදා දියත් කළා. වර්තමානයේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා හරහා තොරතුරු ඉතා වේගයෙන් පැතිර යන නිසා, ආයතනවලට මුහුණ දීමට සිදුවන හදිසි අභියෝග සහ අවදානම් කල්තියා හඳුනා ගැනීමට මෙම නව ඒකකය විශේෂයෙන්ම උපකාරී වෙනවා. මෙහිදී දත්ත විශ්ලේෂණය කරමින් ආයතනික නායකත්වයට නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය පැහැදිලි මඟ පෙන්වීම් ලබා දීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.
මෙම නව ව්‍යාපාරික ඒකකයේ ප්‍රධානියා ලෙස වසර 20කට අධික පළපුරුද්දක් ඇති පර්යේෂණ සහ බුද්ධි අංශයේ සහකාර අධ්යක්ෂ කවින්තන් ශන්මුගරාජා මහතා පත් කර තිබෙනවා. ඔහු ප්රමුඛ විශේෂඥ කණ්ඩායම, සංකීර්ණ දත්ත විශ්ලේෂණය කරමින් ආයතනවල කීර්තිනාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලසුම් සකස් කරනවා. මේ ගැන අදහස් දක්වමින් Wire සමූහයේ සභාපති අශාන් කුමාර් මහතා පැවසුවේ, අද වැනි කාලයක ආයතනයක කීර්තිනාමය තත්පර ගණනකින් වෙනස් විය හැකි බවත්, ඒ සඳහා කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය බවත්ය. WCCG ආයතනයේ වසර 15ක අත්දැකීම් සමඟින්, මෙම නව පියවර දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතනවලටත් විශාල ශක්තියක් වනු නොඅනුමානයි.

Discussion & Feedback