ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු වෙනුවෙන් ටෙහෙරානයේ ප්‍රධාන පල්ලිය අසලට දස දහස් ගණනක් ජනතාව අද දිනයේදී එක්වෙලා ඉන්නවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරානයේ ග්‍රෑන්ඩ් මොසල්ලාහි තැන්පත් කර තිබෙනවා. ඉදිරි දින හය පුරා පැවැත්වෙන මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඉරානය සහ ඉරාකය පුරා මිලියන 15ත් 20ත් අතර පිරිසක් සහභාගී වේවි කියලා බලධාරීන් බලාපොරොත්තු වෙනවා. කළු ඇඳුමින් සැරසුණු ජනතාව ඇමරිකාවට එරෙහිව සටන් පාඨ කියමින් තම නායකයා වෙනුවෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දෙන අයුරු දැකගන්න පුළුවන්.
කමේනිගේ දේහය දින තුනක් ටෙහෙරානයේ තැන්පත් කර තැබීමෙන් පසුව, ඉරාකයේ නජාෆ් සහ කර්බලා නගර හරහා රැගෙන ගොස් අවසානයේ ලබන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් නගරය වන මෂ්හඩ්හිදී මිහිදන් කිරීමට නියමිතයි. මෙම අවමංගල්‍ය උත්සවය ඉරානයේ ඉතිහාසයේ සිදුවන විශාලතම ජන සහභාගීත්වයක් සහිත අවස්ථාව බවට පත්වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. කමේනිගෙන් පසුව ඔහුගේ පුත් මොජ්ටබා කමේනි නව උත්තරීතර නායකයා ලෙස පත්වුණත්, ඔහු මේ දක්වා මහජනයා හමුවේ පෙනී නොසිටීම ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. කෙසේ වෙතත්, මෙම අවමංගල්‍ය උත්සවය අතරතුර ඔහු දැකගන්න ලැබේද යන්න තවමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

Discussion & Feedback