ටූම් රේඩර් රසිකයන්ට 2027 වසර ඉතාමත් විශේෂ එකක් වුණත්, ඒ වෙනුවෙන් බලා ඉන්න අතරතුර ලාරා ක්රොෆ්ට්ගේ රසිකයන්ට ලැබෙන තවත් සුපිරි ආරංචියක් තමයි මේ. ලබන වසරේදී ලාරා ක්රොෆ්ට් ප්රථම වතාවට බිලියන ගණනක වටිනාකමක් තියෙන ‘ජී.අයි. ජෝ’ (G.I. Joe) ෆ්රැන්චයිස් එකත් එක්ක එකතු වෙලා අලුත්ම වික්රමයකට සූදානම් වෙනවා. මේ දෙගොල්ලොම එකතු වෙලා ‘ඩයල් ඔෆ් අයියොන්’ (Dial of Aion) කියන රහස් නිධානය සොයාගෙන කොබ්රා දූපතට යන ගමන ඇත්තටම ගොඩක් කුතුහලය දනවන එකක් වේවි.
මේ අලුත්ම කොමික් කතා මාලාවේදී ලාරා ක්රොෆ්ට් සහ ජී.අයි. ජෝ කණ්ඩායමේ ‘ෂිප් රෙක්’ (Shipwreck) කියන චරිතය අතර තියෙන පැරණි මිත්රත්වය ගැනත් අපිට දැනගන්න ලැබෙනවා. ඩෙස්ට්රෝ සහ බැරනස් වැනි ප්රබල විරුද්ධවාදීන්ට එරෙහිව ලාරා ඇයගේ පිස්තෝල දෙකත් අරගෙන ජී.අයි. ජෝ කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරන මේ සටන ඇත්තටම රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ටූම් රේඩර් ලෝකයේ වික්රමාන්විත ගවේෂණ සහ ජී.අයි. ජෝ කණ්ඩායමේ යුධමය පසුබිම එකතු වුණාම කොහොම තියෙයිද කියලා බලන්න හැමෝම වගේ ගොඩක් උනන්දුවෙන් ඉන්නවා.
2027 වසරේදී ‘ටූම් රේඩර්: ලෙගසි ඔෆ් ඇට්ලන්ටිස්’ සහ ‘ටූම් රේඩර්: කැටලිස්ට්’ වගේ නිර්මාණ රැසක් එන්න නියමිත වුණත්, මේ ජී.අයි. ජෝ එකතුව තමයි දැනට රසිකයන් අතර ලොකුම කතාබහට ලක්වෙලා තියෙන්නේ. ඉතින් මේ අලුත්ම කොමික් කතා මාලාව හරහා ලාරා ක්රොෆ්ට්ගේ රසිකයන්ට තමන්ගේ ප්රියතම චරිතය තවත් වෙනස්ම විදියකින් දකින්න පුළුවන් වේවි.

Discussion & Feedback