ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව (LAPD) විසින් ‘Flock Safety’ නම් ආයතනය සමඟ පවත්වාගෙන ගිය වාහන නිරීක්ෂණ ගිවිසුම අවසන් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ සමාගම විසින් ඇමරිකාව පුරා ස්ථාපිත කරලා තියෙන කැමරා ජාලයක් හරහා වාහනවල අංක තහඩු නිරීක්ෂණය කරමින් පොලිසියට සහාය ලබා දෙනවා. නමුත්, පුද්ගලිකත්වයට සහ සිවිල් අයිතිවාසිකම්වලට මේ තාක්ෂණයෙන් බරපතළ තර්ජනයක් එල්ල වෙන බව පවසමින් පොලිසිය මේ පියවර අරන් තියෙනවා. විශේෂයෙන්ම මේ කැමරා මගින් එකතු කරන දත්ත ආරක්ෂා කිරීම සහ ඒවා බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිසා තමයි ඔවුන් මේ තීරණයට එළඹිලා තියෙන්නේ.
මේ සිදුවීම ගැන Flock සමාගම පුදුමයට පත් වුණත්, පොලිසිය පවසන්නේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි එකඟතාවයකට එනතුරු මේ සේවාව තාවකාලිකව නතර කරන බවයි. ඇත්තටම මේ කැමරා පද්ධතිය නිසා මීට කලිනුත් විවිධ ගැටලු මතු වුණා. වැරදි අංක තහඩු හඳුනාගැනීම නිසා අහිංසක රියදුරන් පොලිස් අත්අඩංගුවට පත්වීම සහ දත්ත කාන්දුවීම් වැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම, සමහර ප්රදේශවල ජනතාව මේ කැමරා තමන්ගේ පුද්ගලිකත්වයට බාධාවක් කියලා සලකලා ඒවා විනාශ කිරීමේ සිදුවීම් පවා වාර්තා වුණා. ඇමරිකාවේ තුන්වැනි විශාලතම පොලිස් දෙපාර්තමේන්තුව විදිහට LAPD ගත් මේ තීරණය, ඉදිරියේදී තාක්ෂණික සමාගම්වල දත්ත භාවිතය සම්බන්ධයෙන් ලොකු බලපෑමක් ඇති කරාවි කියලා තමයි විශ්ලේෂකයින් කියන්නේ.

Discussion & Feedback